මයිලඩි වරාය සංවර්ධනය සදහා නොර්වේ රජයෙන් ඩොලර් බිලියනයක්


2018.02.21 වන දින උදයන් පුවත් සිරස්තල

01. යාපනය විද්‍යාලයක පැවැති නිවාසාන්තර ක‍්‍රිඩා උත්සවයකදී එක් නිවාසයක් අලංකාරවත් කිරීම සදහා ශ‍්‍රී ලංකා සිතියමේ උඩ කොටස නිර්මාණය කර ඇති බවත්, ඒ පිලිබදව එම පාසලේ විදුහල්පතිවරයාගෙන් බුද්ධි අංශය විසින් ප‍්‍රශ්ණ කර ඇති බව සදහන්.

02. යුද්ධයේදී අතුරුදහන් වු තම ඥාතීන් සොයාදෙන ලෙස ඉල්ලා කිළිනොච්චි දිස්ත‍්‍රික්කයේ ජනතාව විසින් කරනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරය 366 වන දිනටත් ඊයේ දින ක‍්‍රියාත්මක කර ඇති බවත්, ඒ සදහා ප‍්‍රදේශයේ දේශපාලඥයින් සහ සිවිල් සංවිධාන රැසක සාමාජිකයින් පැමිණ ඇති බව සදහන්.

03. යුද්ධයේදී අතුරුදහන්වූ තම ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලා වවුනියාවේ කරන උද්ඝෝෂණ ව්‍යාපාරයට සහයෝගයක් වශයෙන් ප‍්‍රදේශයේ ජනතාවට එක් රොක් වී රතු සහ කහ පැහැති ධඡ ඔසවා සහයෝගය ලබා දෙන ලෙස ඊයේ දින උද්ඝෝෂණයේ නිරත ජනතාව විසින් ඉල්ලීමක් කර ඇති බව සදහන්.

04. තම මවගේ නිවසින් රුපියල් 90000.00ක මුදලක් සොරාගත් පුද්ගලයෙකු ඊයේ දින අච්චුවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

05. මයිලඩි වරාය සංවර්ධනය සදහා නොර්වේ රජය විසින් ඩොලර් බිලියනයක ආධාරයක් මෙරටට ලබාදී මට කටයුතු කරන බව නොර්වේ තානාපති මොනිකා ස්වෙින්ස්කෙට් විසින් පවසා ඇති බව සදහන්.

2018.02.21 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. මානිප්පායි ප‍්‍රදේශයේ නිවසක තේ සාදමින් සිටි පුද්ගලයෙකුගේ සිරුරට ගිණි ඇවිලීම හේතුවෙන් එම පුද්ගලයා යාපනය මූලික රෝහල වෙත ඇතුලත්කර දින 15 කට පසු ඊයේ දින මියගොස් ඇති බව සදහන්.

02. මල්ලාවි ප‍්‍රදේශයේ වයස අවුරුදු 63 ක කාන්තාවක් ජීවත්වන නිවසකට ඇතුල්වු පිරිසක් විසින් එම කාන්තාවගේ අත පය ගැටගසා එම නිවසේ තිබූ රත්ත‍්‍රන් හා මුදල් සොරාගෙන පලාගොස් ඇති බව සදහන්.

03. යාපනය එලාලේ ප‍්‍රදේශයේ ලිදක තිබී ඊයේ දින කාන්තාවකගේ මල සිරුරක් සොයාගෙන ඇති බවත්, එය සිය දිවි හානිකර ගැනීමක් ලෙසට පොලීසිය සැක කරන බව සදහන්.

04. යාපනය දිස්ත‍්‍රික්කය තුල පසුගිය වසරේ පමණක් ළමුන් 123 දෙනෙකු අපයෝජනයට ලක්වී ඇති බව ළමා කටයුතු පිලිබද අමාත්‍යංශ සංඝණනයකදී හෙලිවී ඇති බව සදහන්.

2018.02.21 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. මුලතිව් වට්ටුවාකල් ප‍්‍රදේශයේ නාවික හමුදාවට අයත් ඉඩම් අක්කර 617 ක ප‍්‍රමාණයක් ජනතාවට ලබා දීමට කටයුතු කර ඇති බව සදහන්.

02. නෙදුන්තිව් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දිය ධීවරයින් 08 දෙනෙකු ලබන මස 06 වන දින දක්වා නැවතත් රක්‍ෂිත බණ්ධනාගාරගත කරන ලෙස ඌර්කාවට්තුරෙයි අධිකරණය විසින් නියෝගකර ඇති බව සදහන්.

2018.02.21 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. ත‍්‍රීකුණාමලය මූතූර් ප‍්‍රදේශයේ තිබී මිමි 40 වර්ගයේ ගේනේඩ් ලොන්චර් බෝම්බ 10 ක් හමුවී ඇති බව මූතූර් පොලීසිය සදහන් කරයි.
Share on Google Plus