මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල යෙදුනු අපේක්‍ෂකයින් 55 අත්අඩංගුවට


2018.02.06 වන දින උදයන් පුවත් සිරස්තල

01. රහස් කඳවුරු සහ අතුරුදහන් අයවළුන් කිසිවෙකුත් නොමැති බවට ඊයේ දින යාපනය නගර සභා ක‍්‍රිඩාංගණයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් පවසා ඇති බව සදහන්.

02. වසර 28 කින් පසුව පේදුරුතුඩුව පොන්නාලෙයි මාර්ගය ඊයේ දින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අතින් ජනතා අයිතියට පත්කර ඇති අතර, මෙය පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කරන රැවටීමක් ද යන වග එම ජනතාව විසින් පවසා ඇති බව සදහන්.

03. ශ‍්‍රි ලංකා 70 වන නිදහස් දිනයට සමගාමීව ලන්ඩන් නුවර සිටින ද්‍රවිඩ ජනතාව විසින් ලන්ඩන් නුවර ශ‍්‍රි ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පෙළපාලියක් පවත්වා ඇති අතර, එම කාර්යාලයේ සේවය කරන ශ‍්‍රි ලංකා යුධ හමුදා නිලධාරියෙකු විසින් එම ජනතාවට ඔවුන්ගේ ගෙල කපා දමන බවට අනතුරු ඇගවීමක් කර ඇති බව සදහන්.

04. යුද්ධයේදී සිදුවූ සියලු වැරදි අමතක කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ විසින් ජනතාවට පවසා ඇති අතර, ජනතාව විසින් එම ප‍්‍රකාශයට දැඩි විරෝධය පලකර ඇති බව සදහන්.

2018.02.06 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. වසර 28ක් මුළුල්ලේ යුධ හමුදා පාලනයේ තිබූ පේදුරුතුඩුව පොන්නාලෙයි මාර්ගය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේගේ උපදෙස් පරිදි අද දින ජනතා අයිතියට පත්කිරිමට නියමිත බව සදහන්.

2018.02.06 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. වසර 28 තිස්සසේ යුධ හමුදා පාලනයේ තිබු පේදුරුතුඩුව පොන්නාලෙයි මාර්ගය ඊයේ උදෑසන 08.00 සිට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ උපදේස් මත ජනතා භාවිතයට විවෘත කර ඇති අතර. එම මාර්ගයේ ඊයේ දින සිට බස්රථ සේවාවක්ද ආරම්භ වු බව සදහන්.

02. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල යෙදුන ඡන්ද අපේක්‍ෂකයින් 55 දෙනෙක් සහ අධාර කරුවන් 444 දෙනෙක් මේ දක්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

03. 70 වන නිදහස් උත්සවයට සමගාමීව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ ප‍්‍රධානත්වයෙන් 682 බළසේනාව විසින් සිවිල් වැසියන් 350 දෙනෙකු හට ඇස් කණ්නාඩි බෙදාදිමේ උත්සවයක් සංවිධානය කර තිබූ බව සදහන්.

2018.02.06 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. 70 වන නිදහස් දිනයට සමගාමීව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ පොදු සමාවක් යටතේ බන්ධනාගාර ගතව සිටි සුළු වැරදිකරුවන් 544 දෙනෙකු නිදහස ලැබූ බව සදහන්.

10. මඩකළපුව කාන්තන්කුඩි පොලිස් බල ප‍්‍රදේශයට අයත් නාවල්අඩි ප‍්‍රදේශයේ සගවා තිබු ටි 56 වර්ගයේ ගිණිඅවියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇති බව සදහන්.
Share on Google Plus