බ්‍රිගේඩියර් ප්‍රියංකරට පිටවන්නට ඉඩ නොදෙන්නැයි ද්‍රවිඩ ඊළාම් සංවිධානය බ්‍රිතාන්‍යයට කියයි


බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනියුක්තව සේවය කරන ශී‍්‍ර ලාංකික හමුදා නිලධාරී බි‍්‍රගේඩියර් පි‍්‍රයංකර ප‍්‍රනාන්දුට එරටින් පිටවීමට ඉඩ නොදන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ අන්තර්ජාතික ද්‍රවිඩ ඊළාම් සංවිධානය බි‍්‍රතාන්‍ය රජය වෙත එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි.
සිවිල් යුද්ධයේදී සිදු වූ බව කියන ඇතැම් මානව හිමිකම් කඩවීම් වලට අදාළ සිදුවීම් සඳහා බි‍්‍රගේඩියර් පි‍්‍රයංකර ප‍්‍රනාන්දු නියෝජනය කළ රෙජිමේන්තුවටද චෝදනා එල්ල වන බවයි එම සංවිධානය පවසන්නේ. 
ඒ් අනුව ඔහුට අදාළව කි‍්‍රයාමාර්ග ගැනිම සඳහා මෙය හොඳම අවස්ථාව බව අන්තර්ජාතික ද්‍රවිඩ ඊළාම් සංවිධානය බි‍්‍රතාන්‍ය රජය වෙත පෙන්වා දෙයි.
පසුගියදා යෙදී තිබුණු නිදහස් දිනයේදී එල් ටී ටී ඊ හිතවාදින් පිරිසක් බි‍්‍රතාන්‍යයේ පිහිටි ශි‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.
උද්ඝෝෂකයන් වෙත සිය නිල ඇඳුමේ සවි කර තිබූ සිංහ ධජයක් පෙන්වා සිය ගෙල වටා ඇගිලි දෙකක් යවා බි‍්‍රගේඩියර් පි‍්‍රයංකර ප‍්‍රනාන්දු කළ අභිනයක වීඩියෝවක් අන්තර්ජාලය හරහා ප‍්‍රසිද්ධ වීමෙන් අනතුරුව ඔහුගේ රාජකාරි අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කලේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුව ඔහු යළි සේවයේ පිහිටුවීමට පියවර ගත්හ.
Powered by Blogger.