කෝටියකට විකිණෙන හැටන් දික්ඔය නගර සභාවේ මන්ත්‍රීවරු

මෙවර පළාත් පාලන ඡන්දය විමසිම අවසන් වීමෙන් පසු හැටන් දික්ඔය නගර සභාවට ඉදිරිපත් වු කිසිදු පක්ෂයකට තනිව බලය පිහිටවීමට නොහැකි තත්ත්වයක් උදා වි තිබේ.

එම ඡන්දය විමසිමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ආසන 07 ක් ද,ලංකා කම්කරු කොංග්‍රසය ආසන 06 ක් ද දිනාගත් අතර ප්‍රසාද ආසන ලෙස ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ආසන 02 ක්  හා කොමියුනිස්ට් පක්ෂයට ප්‍රසාද ආසන 01 ක්ද, හිමිව ඇත.

මෙම තත්ත්වය හමුවේ කිසිදු පක්ෂයකට තනිව බලය පිහිටුවිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඇතැම් පක්ෂවල ප්‍රභල ඇමතිවරුන්ගේ ලේකම්වරු යැයි පවසමින් මන්ත්‍රිවරුන්ට මුදල් ගෙවා බලය පිහිටුවීම සඳහා කටයුතු කරමින් සිටින බව අනාවරණයවෙයි.

කිහිප දෙනෙකුටම දුරකථනයෙන් අමතා පහසුකම් සැපයිමටත් මුදල් ගෙවීමට ඉදිරිපත් වී ඇති අතර එක් මන්ත්‍රිවරයෙකු සඳහා රුපියල් කෝටියක් ගෙවීමට ද යෝජනා කර තිබේ.
Share on Google Plus