ගාල්ලේ සභිකයින් 31 ක් වැඩි වෙලා


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලවලට අනුව ගාල්ල දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 19න් 17ක් සඳහාම වැඩිපුර සභිකයින් 31 දෙනෙකු පත්ව තිබේ.

දිස්ති‍්‍රක් අතිරේක මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් සඳහන් කළේ හික්කඩුව සහ අම්බලන්ගොඩ නගර සභාවලදීද මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි.
එමෙන්ම බලපිටිය ප‍්‍රාදේශීය සභාවටද නියමිත මන්තී‍්‍රධූර සංඛ්‍යාවට වඩා තවත් මන්තී‍්‍රවරුන් තිදෙනෙකු එක්ව ඇතැයි ඔහු කියා සිටියේය.
පක්ෂ ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයට අනුව ලැබිය යුතු සභික සංඛ්‍යාවට වඩා කොට්ඨාශ මට්ටමින් සභිකධූර හිමිවීම මෙම තත්ත්වයට හේතුවයි.
ගාල්ලට අමතරව දිවයිනේ තවත් දිස්ති‍්‍රක්ක කිහිපයකම මෙම තත්ත්වය දක්නට ලැබේ.
Share on Google Plus