තනි UNP ආණ්ඩුවක් පිහිටුවන්න - එජාප පසුපෙළ මන්ත්‍රීන්

තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ඉතා ඉක්මනින් පිහිටුවන ලෙස එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ.

මෙතෙක් එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් කටයුතු කිරීමට නොහැකි වූයේ තනි ආණ්ඩුවක් නොමැතිකම හේතුවෙන් බවත්, පාක්ෂිකයන් පිළිබඳ සලකා බලා වහාම තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසත් මන්ත්‍රීවරුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී සාච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.
Share on Google Plus