බලා හිටියා හොදටම ඇති - රවී සියලු රහස් වැමෑරීමේ සුදානමක

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් යම් ලෙසකින් තමා අත්අඩංගුවට ගතහොත් සියළු රහස් හෙලි කිරීමට හිටපු මුදල් ඇමති රවි කරුණානායක තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශගේ 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවිය පවසයි.
එසේ අත්අඩංගුවට ගැනීමත් සිදුවුවහොත් එය සිය දේශපාලන ගමන් මගට දැඩි ලෙස අයහපත් ලෙස බලපාන නිසා තව දුරටත් ඉවසා සිටීමට හිටපු ඇමතිවරයා සූදානම් නැති බව ද එම වෙබ් අඩවියේ සඳහන්.
මේ අතර එජාප උප නායකත්වයෙන් ඉවත් කිරීමට ලැබී ඇති නිර්දේශ ගැන අදහස් පල කරමින් ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ ජනාධිපති හෝ අගමැති වුවද මැතිවරණ කාලයේ කියනා දේවල් එතරම් ගණන් ගත යුතු නැති බවත් මැතිවරණය අවසන් වූ පසු සිදුවන දේ දෙස බලා සිටිනා ලෙසත්ය.
Share on Google Plus