පුංචි ආණ්ඩු රැසක් යහපාලන ආණ්ඩු වෙයි

එක්සත් ජාතික පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
පක්‍ෂ දෙක එක්වුවහොත් එම ආයතනයේ බහුතර බලය ලබාගත හැකි නම් ඒ සෑම පළාත් පාලන ආයතනයකම බලය ඒකාබද්ධව පිහිටුවීමටයි තීරණය කර ඇත්තේ.
එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ ඊයේ පැවති රැස්වීමේදී පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මේ බව දැනුම් දී ඇතැයි සදහන්.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ ඒ අනුව ඊට අදාළ කටයුතු සොයා බලන්නැයි මහ ලේකම්වරයා දිස්ති‍්‍රක් සංවිධායකවරුන්ට දැනුම් දී ඇති බවයි.
කෙසේ වෙතත් පළාත් පාලන ආයතන පිහිටුවීම මාර්තු 20 දක්වා කල් තැබීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඊයේ (27) තීරණය කලේය.
Share on Google Plus