කන්කසන්තුරය සිට තොණ්ඩමනාරු ඇරුණු මග - PHOTOS


සංහිදියාව නම් වු යථාර්තවත් කරනු පිණිස උතුරු කරයේ ප‍්‍රධාන කොටස්කරුවන් වන යුධ හමුදාව ප‍්‍රමුඛ සන්නද්ධ හමුදාව විසින් කන්කසන්තුරය සිට තොණ්ඩමනාරු දක්වා වූ : A.B 21 මාර්ගය අද පෙරවරුවේ ජන සතු කෙරිණ.
 
එකී භාරදුර කාර්යය වෙනුවෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ ලැබෙන පිටුවහල අනුව අද පෙරවරුවේ යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිම ද විශේෂත්වයක්.

මෙම අවස්ථාව සදහා යාපනය සහකාර දිස්ත‍්‍රික් ලේකම් එස්. මුරලිදරන්,යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි, 51 සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න,තෙලිල්පලෙයි ප‍්‍රදේශිය ලේකම් එස්.සිව ශ‍්‍රි ඇතුළු රාජ්‍ය නිළධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගී විය.









Powered by Blogger.