කාත්තන්කුඩි දේශපාලඥයෙකු සමග ඇතිවූ ගැටුමකදී බෝම්බ ප‍්‍රහාරයක්


2018.02.13 වන දින උදයන් පුවත් සිරස්තල

01. මුලතිව් කේප්පාපිලව් ප‍්‍රදේශයේ උද්ඝෝෂණ නිරත ජනතාවට එරෙහිව පොලීසිය විසින් ගොණුකර ඇති නඩුව ඊයේ දින මුලතිව් මහාධිකරණයේදී විභාගයට ගත් බවත්, එහිදි පොදු ජනතාවට අවහිරයක් නොවන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා විසින් ජනතාව වෙත නියෝගකර ඇති බව සදහන්.

02. මැලේසියාවේ සිට නීති විරෝධි ලෙස මෙරටට රැගෙආ මත්ද්‍රව්‍ය තොගයක් සමගින් ඉන්දිය ජාතිකයින් 04 දෙනෙකු ඊයේ දින කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

03. ඊයේ වවුනියාව ප‍්‍රදේශයේ ඡන්ද අපේක්‍ෂිකයෙකුහට නාදුනන පිරිසක් විසින් පහර දීම හේතුවෙන් එම පුද්ගලයා බරපතල ලෙස තුවාල ලබා වව්නියාව මූලික රෝහල වෙත ඇතුලත්කර ඇති බව සදහන්.

2018.02.13 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01.නිමාවට පත්වු පළාත් පාලන මැතිවරණයෙන් සිදුවු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හේතුවෙන් අපේක්‍ෂකයින් 85 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 668 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක විසින් පවසා ඇති බව සදහන්.

02. පැවති යුධ සමයෙන් පසු උතුරේ දිස්ත‍්‍රික්ක 05 ක් තුල බිම් බෝම්බ දෙලක්‍ෂ අනූ පන්දහසක් ඉවත්කර ඇති බව සංගණනයකින් හෙලිවී ඇති බව සදහන්.

03. මඩකලපුව කාත්තන්කුඩි ප‍්‍රදේශයේ දේශපාලඥයෙකු සමග පිරිසක් ඇතිව ඇති ගැටුමකදී බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවී ඇති බව සදහන්වන බවත්, එයින් කිසිදු පුද්ගලයෙකු වෙත තුවාල සිදුවී නොමැති බව සදහන්.

2018.02.13 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01.පළාත් පාලන ඡන්දය ඉලක්ක කර ගනිමින් උතුරේ සහ නැගෙනහිර ප‍්‍රදේශයන්හි රුපියල් කෝටි 50 ක වියදමින් පන්සල් දහසක් ඉදිකිරීමට ප‍්‍රථිපාදන වෙන් කිරීමට කටයුතු කල එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව උතුරු පාලන අමාත්‍ය එම්.කේ සිවාජලිංගමේ ඊයේ දින මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බව සදහන්.

02. කිලිනොච්චි මයිල්වාහනපුරම් ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක කාන්තාවක් අතුරුදහන් වී ඇති බවට ධර්මපුරම් පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව සදහන්.


2018.02.13 දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. අත්අඩංගුවට ගෙන සිටින අර්ජුන් ඇලෝසියස්ගෙන් බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කිරීම් වැලිකඩ සිර කදවුරේ සිදුකිරීමට කොටුව මහාධිකරණය විසින් රහස් පොලීසිය වෙත අනුුමැතිය ලබාදී ඇති බව සදහන්
Powered by Blogger.