උදයංග ගේන්න ගිය කණ්ඩායම හිස් අතින් දිවයිනට


රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගිය විශේෂ කණ්ඩායම යළි දිවයිනට පැමිණ තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ(15) දිනයේ එම කණ්ඩායම දිවයිනට පැමිණි බවයි.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති අතර පසුගිය 04 වනදා අමෙරිකාව බලා පිටත්ව යාමට උත්සාහ කිරීමේදී ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් වූ බව වාර්තා විය.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිළධාරීන් සිව් දෙනෙකු පසුගිය 07 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය.

කෙසේ වෙතත් පසුගිය 08 වනදා උදයංග වීරතුංගසිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් උදයංග වීරතුංග ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර පොලීසිය විසින් රඳවාගත් තමා පසුව නිදහස් කළ බවයි.

Powered by Blogger.