දිනේෂ් ගුණවර්ධන සමඟ මහරගම අනාගතය...



ශ්‍රී ලංකාවේ වාණිජ නගරය කොළඹ වන අතර අග නගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වේ.වාණිජ නගරය වූ කොළඹට කි.මී. 15ක් දුරින්ද අග නගරය වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මායිම්වද පිහිටි 'මහරගම' අද වන විට ශ්‍රී ලංකාවේ තෙවෙනියට වැදගත් වන නගරය බවට පත් වී හමාරය.

බොහෝ ප්‍රධාන පෙළ ව්‍යාපාරික භවතුන් මෙන්ම රාජ්‍ය සේවක මහත්ම මහත්මීන්ද , සංනද්ධ හමුදාවල උසස් නිලධාරීන්ද , ලෝක ප්‍රකට කලාකරුවන් මෙන්ම වෘත්තීයවේදීන්ද  'මහරගම' තම වාසය සඳහා තෝරා ගන්නේ කොළඹට ආසන්න වීමත් නගරයක් වුවද වෙල් ඉපණැලි වල සුවද හමන ග්‍රාමීය පරිසරයක් මහරගම තුළ පිහිටි නිසාය.

ඈත අතීතයේදී මහරගම නමින් මැතිවරණ ආසනයක් නොපැවතුණි.1931 මැතිවරණයේදී කොට්ටාව ලෙසින් මේ ප්‍රදේශයද අයත් මැතිවරණ ආසනය විය.අනතුරුව කෝට්ටේ මැතිවරණ ආසනයට අයත් වූ මෙම ප්‍රදේශය 1976 වර්ෂයේදී නොයෙල් තිත්තවැල්ල කොමිසමේ නිර්දේශය මත 'මහරගම' නමින්  නව මැතිවරණ ආසනයක් බවට පත් විය.1977 වර්ෂයේ  සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමරත්න ගුණසේකර මහතා මහරගම ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළේය. 

1982 ජනමත විචාරණයේදී මහරගම ආසනයේ ජනතාව විසින් පැවති එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 1983 අතුරු මැතිවරණයක් 'මහරගම ආසනය' වෙත ලබා දීමට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සිදු විය.එම අතුරු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරීම එදා මෙදා තුළ මහරගම ආසනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදු කළ ලොකුම අනුවණකම විය.

සීතාවක (අවිස්සාවේල්ල ආසනය.) තම ජන්ම භූමිය කරගත් බොරලුගොඩ වළව්වේ දිනේෂ් ගුණවර්ධන 'මහජන එක්සත් පෙරමුණ' කරත්ත රෝදය ලකුණින් 1983 අතුරු මැතිවරණයට තරඟ කර ජය ලැබීය.අනතුරුව මහරගම ආසනයේ ජනතාවගේ අනාගතය දිනේෂ් ගුණවර්ධන වෙත 1983 සිට පැවරුණි.සමානුපාතික නියෝජන ක්‍රමයට පවත්වන ලද 1989 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ටැන්ලි තිලකරත්න මහතා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහරගම ජනතාවද නියෝජනය කළද එය  දිනේෂ් ගුණවර්ධන සමඟ සංසන්දනය කරන විට මහරගම ජනතාවට නොදැනුණ තරම් විය.එක්සත් ජාතික පක්ෂයෙන් 1989 පාර්ලිමේන්තු  මහ මැතිවරණය ජයගෙන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නිමල් ආර්.පීරිස් මහතා මහරගම ජනතාවට පානීය ජල සම්පාදන ක්‍රමයක්, විදුලි බල ක්‍රම පද්ධතියක්, දෛනිකව වර්ධනය වන මහරගම ජනගහනයේ දුවා දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ලැබීමට අංග සම්පූර්ණ පාසලක් ලෙස මහරගම ජනාධිපති විද්‍යාලය සංවර්ධනය කරවීමත්, ජපන් පරිත්‍යාගයක් ලෙස හිමි වූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ ජාතික තරුණ සේවා සභාව ජාතියට දායාද කිරීමටත් පෙරමුණ ගන්නා ලදි.


1983 පැවති අතුරු මැතිවරණයෙන් මහරගම ජනතාව නියෝජනයට පත් වී  සමානුපාතික නියෝජන ක්‍රමයට පැවති 1989  මහ මැතිවරණයත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්ව  මහරගම ජනතාව වෙත දැනෙන සේවාවක් කිරීමට අපෝසත් වූ නිසා 1994 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණින් කරත්ත රෝදය ලකුණින් තරඟ කළ දිනේෂ් ගුණවර්ධන දැවැන්ත පරාජයකට ඇඳ දැමූ මහරගම ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම සුළු නගර සභාවේ පමුණුව කොට්ඨාශයේ මන්ත්‍රී වූ ලංකානාථ පෙරේරා මහතාගේ පුත් අමල් සේනාලංකාධිකාර  මහතා පොදු ජන එක්සත් පෙරමුණ පුටුව ලකුණින් වැඩි ඡන්දයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කරගන්නා ලදි.


නව සහස්‍රකය උදා වීමේදී ශ්‍රී ලංකාවේ උප වාණිජ නගරය ලෙස මහරගම තිබිය යුතු ස්ථානය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කළ අමල් සේනාලංකාධිකාර මහතා ආසියානු සංවර්ධන බැංකුවේ මහා නගර සංවර්ධන සූළු පොළි ණය ආධාර මත මහරගම නගරය මහා සැලැස්මකට ' මාස්ටර් ප්ලෑන්' එකක් යටතේ සංවර්ධනය කිරීමට යාමේදී අවස්ථාවාදී දේශපාලනයක් ගෙන ගිය දිනේෂ් ගුණවර්ධන සහ මහජන එක්සත් පෙරමුණ මහරගම ගෝලයින් විසින් මහරගම පමුණුව රෙදිපිළි වෙළද සංගමය, බුවනෙකබා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, මහරගම බොහෝ බෞද්ධ විහාරස්ථානවල ගෞරවනීය භික්ෂූන් වහන්සේලා මෙන්ම සිවිල් සංවිධානවල ක්‍රියාධරයින් උසිගන්වමින් "අමල් මහරගම සංකර කරනවෝ,බෞද්ධකම විනාශ කරනවෝ..." යනුවෙන් මරලතෝනි දෙමින් මහරගම දූ දරුවන්ගේ අනාගතයට වළ කැපුවෝය.


කෙසේ වෙතත් සියලු බාධා මැද මහරගම නගර මහා සංවර්ධන සැලැස්ම අත් හැර දැමීමට අමල් සේනාලංකාධිකාර මහතාට සිදු විය.මහරගමට පොලිස් ස්ථාන ගොඩනැඟිල්ලක් ලබා දීමේ ගෞරවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමල් සේනාලංකාධිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට හිමි විය යුතුය.2000 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මහරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලී කඳවුර දුර්වල කර පමුණුව රෙදි පිළි ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රාහකත්වයෙන් යැපෙන දුෂ්ඨ බලවේග යළිත් දිනේෂ් ගුණවර්ධන මහතා මහරගම නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරවන්නට සමත් වීමත් සමඟ මහරගමට කණ කොකා හැඬීම ආරම්භ විය.

අනතුරුව 2001 පාර්ලිමේන්තු මහ මැතිවරණය,2004,2010 පාර්ලිමේන්තු මහ මැතිවරණ ජයග්‍රහනය කරමින් නැවත නැවතත් මහරගම ජනතාවගේ නියෝජිතයා ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත් දිනේෂ් ගුණවර්ධන මහතාට 'නාගරික සංවර්ධන , පූජා භූමි සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍ය ධුරය' පවා හිමි වුවද පමුණුව රෙදිපිළි ව්‍යාපාරිකයින්ගේ වුවමනාවට මහරගම නගර සංවර්ධන සැලැස්ම යට ගසමින් කුහක දේශපාලනයක අඛණ්ඩව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ නාගරික මන්ත්‍රීවරුන් නියැලෙමින් සිටීම මහරගම දූ දරුවන්ගේ අනාගත  ඛේදවාචකයයි.



වර්තමාන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පිළිබදව ද මහරගම නගරයේ අනාගතය පිළිබඳව සිදු කරන කතාබහේදී සාකච්ඡා කළ යුතුමය.මහරගම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට හිමි වූ වැදගත්ම අවස්ථාව ලෙස ඉසුර දේවප්‍රිය මහතා බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් වීම හැඳින්විය හැකිය.1991 ශ්‍රී ලංකාවේ ළාබාලතම ප්‍රාදේශීය සභා සභාපති වශයෙන් පත් වෙමින් මහරගම ප්‍රාදේශිය සභාව සඳහා අංග සම්පූර්ණ ගොඩනැඟිලි පරිශ්‍රයක්, ප්‍රාදේශීය සභාව සඳහා ලොරි රථ, ට්‍රැක්ටර් රථ මෙන්ම බර වාහන යන්ත්‍ර සූත්‍ර මිළදී ගෙන මහරගම ප්‍රාදේශීය සභාවේ ආදායම් පවා ඉහළ දැමූ ශූර කළමනාකරුවෙක් ලෙස ඔහුව ජනතාව හඳුනාගෙන ඇත.

2006 වර්ෂයේ සිට උපාලි කොඩිකාර මහතා සහ කාන්ති කොඩිකාර මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහරගම ආසනය පළාත් සභා අමාත්‍යවරයෙක් සහ මහරගම නගර සභාවේ සභාපති වශයෙන් නියෝජනය කරමින් මහරගම මාර්ග පද්ධතිය කාපට් සහ කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කරමින් ද තරුණ තරුණියන්ට රැකියා ලබා දෙමින්ද ක්‍රියා කිරීම පැසසිය යුතුය.මන්දයත් දිනේෂ් ගුණවර්ධන කැබිනට් අමාත්‍යවරයා විසින් මාර්ග සංවර්ධනයක් මහරගමට සිදු නොවුණ නිසාත් ඔහු රජයේ රැකියා ලබා දුන්නේ ඔහුගේ හිතවත් පවුල් කිහිපයක දරුවන් සඳහා පමණක් නිසාත්ය.


1998-2000 කාලවකවානුවේ දී  අමල් සේනාලංකාධිකාර මහතාට එල්ල කරන ලද දේශපාලන කුහකත්වයම දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඔහුගේ නාගරික මන්ත්‍රීවරුන් විසින් වර්තමානයේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය මහරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉසුර දේවප්‍රිය මහතාට එල්ල කරමින් තිබේ."ජන හඬ" නමින් මඩ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නිෂ්ඵල චෝදනා පදනම් විරහිතව එල්ල කරමින් සිටී.මා විසින් මෙම මඩ වෙබ් අඩවිය හඳුනා ගැනීමට "ප්‍රසාද් සිදන්ත නම් තරුණයා" හට 'යම් ආටෝප ඕපාදූපයක්' ප්‍රකාශ කරන ලදි.විනාඩියක් ගත වීමටත් ප්‍රථමයෙන් 'කිසිදු හෙවිල්ලකින් තොරව' ඔහු විසින් එය ප්‍රවෘතියක් ලෙස පළ කිරීම තුළින්ම ඔවුන්ගේ පහත් මානසික තත්වය ලෝකයාට පිළිඹිබු වේ.






https://web.facebook.com/%E0%B6%A2%E0%B6%B1-%E0%B7%84%E0%B6%AC-Peoples-VOICE-1087859701282949/

* ජනමාධ්‍ය විශ්වවිද්‍යාලයීය විෂයක් ලෙස න්‍යායාත්මකව හදාරණ ලද මා ජනමාධ්‍ය විෂයේ ආචාර ධර්ම සහ උතුම් බව පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන නිසා මඩ ප්‍රචාරයෙන් තොර සත්‍යය මහජන ඔබගේ දෙනෙත් අභිමුවට ගෙන ඒමට තීරණය කළෙමි.


ඉසුර දේවප්‍රිය යනු දවසේ පැය 18ත් 20ත් අතර කාලයක් මහජනතාව වෙනුවෙන් වැය කරන දේශපාලනඥයෙකි.ඔහු මේ වන විටත් මහරගම ආසනය තුළ ඇති මාර්ග පද්ධතියෙන් 70%ක් පමණ කාපට් යොදා සංවර්ධනය කර තිබේ.එමෙන්ම මහරගම නගරයට සහස්‍රකයේ අනෙකුත් දියුණු වාණිජ නගර සමඟ කරටකර තරඟ කිරීමට හැකි නගර සැලැස්මක් ඔහු සතු වේ.මහරගම දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අයෝජනය කරමින් අනාගත මානව සම්පත ගුණ ගරුක මෙන්ම නව සහස්‍රකයේ අභියෝග ජයගන්නා ක්ෂිතිජයට ඉහළින් ඇති ලොවක් දකිනා පිරිසක් බවට පත් කිරීම වෙනුවෙන්  සැලසුම් ඔහු සතු වේ.


බුද්ධිමත්, උගත් ජනතාවනි,මහින්ද රාජපක්ෂ නම් ඒ උතුම් නායකයාට අපි සැවොම සදා ණයගැතිය.එහෙත් එතුමාගේ නාමයට මුවාවෙමින් නිෂ්ඵල මඩ දේශපාලනයක් කරන පුද්ගලයින්ට  නගරයක අනාගතය බාරදිය යුතුද? මෙවර මෝටර් බයිස්කලයක් රැගෙන විත් මහරගම නගර සභා පාලන බලය 'බඩල්ගමට' බදු දුන්නා සේ හෙට ඔබගේ දරුවාගේ අනාගතයත් දිනේෂ් ගුණවර්ධනයන්ගේ වංචා දූෂිත ප්‍රාදේශීය නායකත්වයට බාර දිය යුතුද?



*** දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ මහරගම නගර සභාවේ 'සභාපති ධුර අපේක්ෂක' නිශාන්ත විමලචන්ද්‍ර මහතා 'පන්නිපිටිය කොට්ඨාශය' තුළ සිදු කරවා ඇති අක්‍රමවත් ව්‍යාපෘති සමහරක්...










සටහන - නීති ශිෂ්‍ය / නිදහස් මාධ්‍යවේදී ඉෂාර ලක්මිණ.

































































Powered by Blogger.