යුධ සමයේ විනාශයට පත්වු කිලිනොච්චි ජල ටැංකිය ඉවත් කෙරේ


2018.03.27 දින උදයන් පුවත් සිරස්තල

01. මුලතිව් මහවිරු ස්මාරකය සදහා වෙන්කර ඇති ඉඩම යුධ හමුදාවට ලබා නොදෙන ලෙස ඉල්ලා ඊයේ දින මුලතිව් දිස්ත‍්‍රික් ලේකම්වරිය වෙත එම ප‍්‍රදේශයේ ජනතාව විසින් පෙත්සමක් ඉදිරිපත්කර ඇති බව
සදහන්.

02. ද්‍රවිඩ දේශපාලන සිරකරුවෙකු වන ආනන්ද සුදාකරන් ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ දින කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම් වෙත ඔහුගේ දරුවන් විසින් පෙත්සමක් ලබාදී ඇති
බව සදහන්.

03. උතුරු පළාතේ යුධ හමුදාව විසින් පරිහරණය කරන සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසත්, අතුරුදහන් වූ පුද්ගලයින් සොයාදෙන ලෙස ඉල්ලා මුලතිව්, කේප්පාපිලව් ප‍්‍රදේශයේ ජනතාව විසින් ඊයේ දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා ඇති බව සදහන්.

04. මුලතිව් කේප්පාපිලව් උද්ඝෝෂණ ව්‍යාපාරය ආවර්ණය කිරීම සදහා පැමිණි හිරු මාධ්‍ය ජාලයේ මාධ්‍ය වේදියෙකුට යුධ හමුදාව විසින් ඔහුගේ රාජකාරියට බාදා කිරීම හේතුවෙන් මාධ්‍ය නිදහස කඩ වී ඇති බවට පවසා ඇති බව සදහන්.

2018.03.27 දින වාලම්පුරි පුවත් සිරස්තල

01. කිලිනොච්චි ශාන්තපුරම් ප‍්‍රදේශයේ පදිංචිව සිටි හිටපු එල්ටිටිඊ සාමාජිකයෙකු වන අඩේයිකලෙම් කොන්සරස් නැමැති පුද්ගලයා නාවික හමුදා වාහනයක ගැටී, එයට පසුපසින් පැමිණි මෝටර් රථයකට යට වී
ඊයේ දින සංගුපිඩ්ඩි ප‍්‍රදේශයේදී මියගොස් ඇති බව සදහන්.

02. ද්‍රවිඩ දේශපාලන සිරකරුවෙකු වන ආනන්ද සුදාකරන් ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා අත්සන් දස දහසකින් යුත් පෙත්සමක් ඊයේ දින යාපනයේ දිස්ත‍්‍රික්කයේ දමිළ සිසුවෙකු
විසින් යාපනය දිසාපති වෙත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට බාරදී ඇති බව සදහන්.

03. තම අතුරුදහන් වූ ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලා 402 වන දිනටත් ඊයේ දින කිලිනොච්චි කන්දසාමි කෝවිල ඉදිරිපිට දී උපවාසයක් පවත්වා ඇති බවත්, ඒ පිලිබදව ඊයේ සවස් වරුවේ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බව සදහන්.

04. යුධ සමයේ විනාශයට පත්වු කිලිනොච්චි නගරයේ ජල ටැංකිය ඊයේ දින එම ස්ථානයෙන් ඉවත් කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර ඇති බව සදහන්.

05. යුධ හමුදාව සතුව ඇති වවුනියාව සමූපාකාර විද්‍යාලය නිදහස් කිරීමට වහා කටයුතු කර ඇති බව සමූපාකාර හා කාන්තා කටයුතු පිලිබද උතුරු පළාත් සභා ඇමතිණි ආනන්දී සසීදරන් පවසා ඇති
බව සදහන්.

2018.03.27 දින තිනකුරල් පුවත් සිරස්තල

01. යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස ද්‍රවිඩ ජාතික පක්‍ෂයේ ඉමානුවෙල් ආනොල්ඩ් ඊයේ දින පත්කර ඇති බව සදහන්.

02. මන්නාරම නගරයේ ලංකා සතොස පිහිටි ස්ථානයේ නව ඉදිකිරීමක් සදහා ගෙන ආ වැලි මත තිබී මිනිස් අට කටු බවට සැක කරන කැබලි කිහිපයක් හමුවී ඇති බවත්, ඒ පිලිබදව මන්නාරම පොලීසිය විසින්
පරික්‍ෂණ පවත්වන බව සදහන්.

13. යාපනය දිස්ත‍්‍රික්කය තුල 2018 වර්ෂය තුලදී යුධ හමුදාව සහ පොල් සංරක්‍ෂණ මණ්ඩලය එක්ව පොල් පැල ලක්‍ෂයක් රෝපණය කිරීට සැලසුම් කර ඇති බව පොල් සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ
නිළධාරියෙකු විසින් පවසා ඇති බව සදහන්.

2018.03.27 දින කාලෙෙකදීර් පුවත් සිරස්තල

01. එල්ටිටිඊ සංවිධානයට අයත් නෞකාවක් වන ඒ 522 යන නෞකාව සහ මෙරට සිටි ජනාධිපතිවරුන්හට තිබූ වෙඩි නොවදින ජීප් රථ 08 ක් ඊයේ දින මුහුදේ ගිල්ලීමට කටයුතු කර ඇති බව නාවික හමුදා
මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කමාන්ඩර් කේ.කේ.පි උදයංග විසින් මාධ්‍ය වෙත දැනුම් දී ඇති බව සදහන්.

02. යුධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක බළකාය විසින් කෘෂිකර්ම කටයුතු සදහා ජලය ලබා ගන්නා හේතුවෙන් තමන්ගේ ගොවිතැන්වලට බධා එල්ල වන බව පවසමින් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා ඇති බව සදහන්.
Share on Google Plus