රත්මලාන, බොරුපන ප‍්‍රදේශයේ තිබී මෝටාර් බෝම්බයක් හමුවේ

2018.03.28 දින උදයන් පුවත් සිරස්තල
 
01. 2018 වර්ෂයේ මැයි 01 වන දිනට යෙදෙන කම්කරු දින උත්සවය වෙසක් පොහෝ දිනය හේතුවෙන් මැයි 07 වන දින පැවැත්වීමට අමාත්‍ය වරුන් විසින් ඊයේ දින තීරණයකට පැමිණ ඇති බව සදහන්.
 
02. ද්‍රවිඩ දේශපාලන සිරකරුවෙකු වන ආනන්ද සුදාකරන් ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස්කර දෙන ලෙස ඉල්ලා උතුරු පළාත් සභාවේ සියලුම මන්ත‍්‍රි වරුන් විසින් අත්සන් කරන ලද ලිපියක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත ලබා දීමට ඊයේ දින උතුරු පළාත් සාභාවේ 119 වන සැසි වාරයේදී උතුරු පලාත්සභා මන්ත‍්‍රිවරුන් විසින් තීරණය කර ඇති බව සදහන්.
 
03. ද්‍රවිඩ දේශපාලන සිරකරුවන්හට පොදු සමාවක් ලබා දීමට මෛත‍්‍රිපාල සිරිසේනගේ අකමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්. ඒ සුමන්දිරන් පෙරේදා දින පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇති බව සදහන්.
 
04. ද්‍රවිඩ දේශපාලන සිරකරුවෙකු වන ආනන්ද සුදාකරන් ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස්කර දෙන ලෙස ඉල්ලා අද දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩ සටහනක් නවෝද්‍යා පදනමේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිත බව සදහන්.
 
05. මුලතිව් දිස්ත‍්‍රික්කයේ යුධ හමුදාව විසින් ගොවිතැන් කටයුතු කිරීම හේතුවෙන් ගොවීන්ට වන අසාධාරණය වැලැක්වීම සදහා ආරක්‍ෂක අමාත්‍යවරයා සමග සාකච්ඡා කර කටයුතු කල යුතු බව ඊයේ දින උතුරු පළාත් සභාවේදී තීරණයකට පැමිණ ඇති බව සදහන්.
 
06. එල්ටිටිඊ සංවිධානය සතුව තිබූ ඒ. 522’ නැමැති නෞකාව සහ හිටපු ජනාධිපතිවරුන් සතුව තිබූ වෙඩි නොවදින වාහන 08 ක් පෙරේදා දින මුහුදේ ගිල්ලවීමට නාවික හමුදාව විසින් කටයුතු කල බව සඳහන්.
 
07. රත්මලාන, බොරුපන ප‍්‍රදේශයේ තිබී මෝටාර් බෝම්බයක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවත්, ඒ පිලිබදව වැඩිදුර පරික්‍ෂණ පොලීසිය විසින් සිදුකරන බව සඳහන්.
  
2018.03.28 දින වාලම්පුරි පුවත් සිරස්තල
 
01. පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලද තොරතුරක් මත කොඩිකාමම් ප‍්‍රදේශයේ තිබී මෝටාර් බෝම්බ 12 ක් ඊයේ දින සොයාගෙන ඇති බව සඳහන්.
 
02. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා යන අය ඝාතනය කිරීමට තැත්කල වරදට අත්අඩංගුවට ගෙන වසර 10 ක් සිරගතව සිටි ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් දෙදෙනෙකු ඊයේ දින කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස්කර ඇති බව  සඳහන්.
 
2018.03.28 දින තිනකුරල් පුවත් සිරස්තල

01. යුධ හමුදාව සතුව ඇති සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා 393 දිනටත් ඊයේ  දින මුලතිව් කේප්පාපිලව් යුධ හමුදා කදවුර ඉදිරිපිටදී එම ප‍්‍රදේශයේ ජනතාව උපවාස ව්‍යාපාරයක් පවත්වා ඇති බව සදහන්. 
 
2018.03.28 දින කාලෙෙකදීර් පුවත් සිරස්තල
 
01. මුලතිව් ආන්දාන්කුලම් ප‍්‍රදේශයේදී යුධ හමුදා සෙබලෙකු සතුව තිබූ ඒ.කේ 47’ වර්ගයේ ගිණි අවියක් නාදුනන පුද්ගලයෙකු විසින් රැගෙන ගොස් ඇති බව යුධ හමුදාව විසින් පොලීසිය වෙත දැණුම් දී ඇත. එම ප‍්‍රදේශයේ සිදුවන නීති විරෝධි ගස් කැපීම නැවැත්වීමට ගිය අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුවී ඇති බවත්, එම පුද්ගලයා සොයා පොලීසිය හා යුධ හමුදාව පරික්‍ෂණ පවත්වන බව සඳහන්.
Share on Google Plus