අමාත්‍ය පලනි දිගම්බරම් නායකත්වය දරන හැටන් දිඹුල කම්කරු ජාතික පෙරමුණේ ප්‍රාදේශිය කාර්යාලයට අද (28) පස්වරු 01.00ට පමණ කිසියම් පිරිසක් පහරදී අලභහානි සිදුකර ඇති බව දිඹුල පොලීසිය පවසයි.
කලූ පැහැති ඇදුමින් සැරසි මුහුණූ ආවරණය කරගෙන පැමිණි තිදෙනෙක් කාර්යාලයේ උපකරණවලට අලාභහානි සිදුකර ඇති බව එම කාර්යාලයේ නිළධාරියෙකු සඳහන් කර ඇත.
එලෙස පැමිණී තිදෙනා මුගුරු අතඇතිව පැමිණ තම කාර්යාලයට පහරදුන් බව එම නිළධාරියා පවසයි.