එ.ජා.පයේ 27ක් රනිල්ට එරෙහි වෙති

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 27 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය දක්වනු ඇති බව රාජ්‍ය අමාත්‍යය පාලිත රංගේ බණ්ඩාර පවසයි.
ආණමඩුවේදී ඊයේ (26දා) පැවැති පළාත් පාලන ආයතන සභිකයන්ගේ දිවුරුම් දීමේ උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
අදාළ මන්ත්‍රිවරුන් 27 දෙනා විශ්වාසභංගයට පක්ෂය ඡන්දය භාවිත කිරිම හෝ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

No comments:

Powered by Blogger.