ඇවන්ගාඩ් අල්ලස් නඩුවේ සාක්ෂි විභාගයට දින දෙයි

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබාදීමට ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමෙන් රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හා ලබාදීම සම්බන්ධ නඩුවේ සාක්ෂි විභාගය ජුනි මස 26 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (19) තීරණය කර තිබේ.
ඇවන්ට්ගාඩ් මැරෙන් සමාගමේ සභාපති නිෂ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු  යන දෙදෙනා මෙහි චූජිතයෝ වෙති.
මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කළ අවස්ථාවේදී තමන්ට වාසියක් සලසා ගැනීමේ අටියෙන් විත්තිකාර නිෂ්ශංක සේනාධිපති විසින් ඔහුට රුපියල් ලක්ෂ 355ක මුදලක් ලබා දුන් බවත් එය ලබා ගැනීම මගින් පාලිත ප්‍රනාන්දු රජයේ සේවකයෙක් වශයෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇති බව චෝදනා කරමින් අල්ලස් කොමිසම මේ නඩුව පවරා ඇත.
කෙසේ වෙතත් විත්තිකරුවන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන ජූලි 26 තෙක් තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ නියෝග කර තිබේ.
එමෙන්ම පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සමාගම් රෙජිස්ටාර්වරයා ඇතුළු සාක්ෂිකරුවන්ට අධිකරණය සිතාසි නිකුත් කර ඇත.
Share on Google Plus