නුවරට අන්තර්ජාල වේගය අඩුවුන ඇත්ත හේතුව


ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල වේගය අඩුවීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු වාර්තා වේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ මහනුවර ප්‍රදේශයට අන්තර්ජාලයට පිවිසීමේ වේගය සීමා කර ඇති බවයි.

එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ මහනුවර ප්‍රදේශයේ ඇතිවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාදක කරගෙන සමාජජාල මඟින් සහ වෙබ් අඩවි තුළින් බොරු ප්‍රචාර පතුරුවන පුද්ගලයින් හඳුනාගැනීමට මෙය සිදු කළ බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම කර ඇති බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

කෙසේ හෝ අද දිනය ඇතුළත මෙය සාමාන්‍ය තත්ත්වයට පත් කරන බවද විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වාඩි දුරටත් කියා සිටියේය.

මේ අතර ප්‍රසිද්ධ දුරකතන සමාගමක්ද සිය ට්විටර් පණිවිඩයක් මඟින් පවසා තිබුණේ මහනුවර දිස්ත්‍රික්කය තුළ අන්තර්ජාලයට පිවිසීමේ වේගය සීමා කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවතත් පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.


නැවත දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.
Powered by Blogger.