කිඹුලා අැළට වැටුනු වාහනය - දහම්, කබීර් බෝල පාස් කිරීමක


ඉකුත් 17වන දින පාන්දර 6.15ට පමණ තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී තිබූ BMW වර්ගයේ මෝටර් රථය ජනපති පුත් දහම් සිරිසේනට අයත් එකක් බවට සමාජ ජාලතුළ විවිධ පුවත් පල විය.


කෙසේ වෙතත්, එම මෝටර් රථයේ හිමිකරුවන්නේ එජාප දේශපාලඥයකු වන උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අැමති කබීර් හෂීම්ගේ ඥාති සම්බන්ධයක් ඇති මුස්ලිම් ව්‍යාපාරිකුට බව වාර්තා වේ.

අදාළ, මොටර් රථය අද හිමිදිරියේ කුඹුලා ඇලට වැටී තිබුණේ ඇක්සියෝ හා කොරෝලා වර්ගයේ මෝටර් රථ දෙකකද ගැටීමෙන් පසුවය.

මෙම රථය දැනට දින කිහිපයකට පෙර කෝටි 06 කට ආසන්න මුදලක් ගෙවා මෙම රථය මිලදී ගෙන ඇත්තේ කොළඹ පිහිටි Bavarian Motors Pvt Ltd ආයතනයෙනි.
එමෙන්ම, ජනපති පුත් දහම් සිරිසේනගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන සැපයුම්කරු වන්නේ ද ඉහත සදහන් අායතනයයි.
එහෙත්, අනතුර සිදුවන අවස්ථාවේදී නිසි ලෙස ලියාපදිංචිය සම්පූර්ණ කර නොතිබූ බැවින් ගරාජ් අංක භාවිත කරමින් ධාවනය කර ඇත.
අනතුරින් පසු වාහනය පැදවූ පුද්ගලයා පලාගොස් එය විකුණන ලද ආයතනයේ රියදුරෙකු එවා තිබුණද පොලිසීය එන්ජින් හා චැසි අංක පරීක්‍ෂා කර එහි නියම හිමිකරු ඒ වන විටත් සොයාගෙන තිබූ නිසා එය නිදහස් කිරීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට මේ වන විටත් නිීත්‍යානුකූල අයිතිකරු ඉදිරිපත් වී වාහනය මුදාගෙන ගොස් නැත.

මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ අදාල වාහනය පදවා ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යේෂ්ඨ කැබිනට් ඇමතිවරයෙකුගේ පුතෙකු විසින් බවයි.

වාර්තා වූ සිද්ධිය කෙසේ හෝ වේවා, ඉතිහාසයේ සිටම (මහින්ද රාජපක්ෂ) මහජනතාගේ සුභ සිද්ධිය වෙනුවෙන් කැපවන බවට සපථ කොට පත්වූ මහජන නියෝජිතයින්ගේ දරුවන් සිය යහපත සහ විනෝදය උදෙසා සුඛෝපභෝගී වාහන අයාලේ භාවිත කරමින් විවිධ අනතුරුවලට ලක්විය.
Powered by Blogger.