මාදුළුවාවේ සෝභිත හිමි ගැන බැසිල් කියන ආන්දෝලනාත්මක කතාව


“සෝභිත හාමුදුරුවන් ඒ ව්‍යාපරය පටන් ගත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න මහින්ද ඒක කලත් කමක් නැහැ කියලයි උන්වහන්සේ ප්‍රකාශ කලේ."
ඒ සාකච්ඡාවලට මුලින්ම ආරාධනා කලේත් ආණ්ඩුවත් එක්ක හිටපු පක්ෂවලට සමහර පක්ෂ ගිහින් සාකච්ඡා කලා එදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයට සෝභිත හාමුදුරුවන් එවපු ලිපිය ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභාවේදි එවකට සිටි පක්ෂයේ ලේකම්තුමාගෙන් ‘කෝ අර එවපු ලියුම’ කියලා විමසූ බවත් එහිදි පක්ෂයේ ලේකම් ‘ඒ ලියුම ගේන්න අමතක වුනා’ කියා ඒ ගැන මග හැරියි යයි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලංකාදීප පුවත්පත සමඟ කල සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කොට ඇත.
එහිදි මාධ්‍යවේදි සංජිව තෙන්නකෝන් පුවත්පත වෙනුවෙන් විමසා සිටියේ ඒ එදා පක්ෂයේ සිටි ලේකම් මෛත්‍රීපාල සිරිසේන නේද යන්නයි, එවිට බැසිල් රාජපක්ෂ පැවසුවේ ” ඔව් ඔව් උන්නැහේ තමයි, ඒ වෙනකොටත් මොකක් හරි අදහසක ඔහු ඉන්න ඇති යන්නයි.
.”ඇත්තටම අපි මේ අත් විදින්නේ ජනවාරි 08 වෙච්චි නස්පැත්තිය, කිසිම අදුරන්නේ නැති දර්ශනයක් නැති ජාත්‍යන්තරය ගොඩ නගපු මතවාදයක් උඩ එක් පුද්ගලයකු ඉවත් කිරීමේ චේතනාවෙන් කරපු ව්‍යාපතියක ප්‍රතිඵලයක් තමයි මේ."
ඒ අනුව එදා පුද්ගලයකු වෙනස් කරන්න තමයි මේ ඔක්කෝම කලේ, එහෙම වෙනස් කලාට පස්සේ යන්නේ කොහොමද කියලා වැඩපිළිවෙළක් නැහ, අඩුගානේ දින 100 ක ආණ්ඩුවෙන් පස්සේ 101 වෙනි දිනයේ ඉදලා කරන්නේ මොනවාද කියලා වැඩපිළිවෙළක් නැහැ, ඒ අවුල තමයි මේ තියෙන්නේ. 
ඉතින් මගේ යෝජනාව හැකි ඉක්මනින් ජනතාව ඉදිරියට යා යුතුය, වෙන විකල්පයක් නැහ’ යයි හෙතෙම දීර්ඝ සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කොට ඇත.
Share on Google Plus