ගේ ගිනි තිබ්බා - දරුවන්ට ඉන්න තැනක් නැහැ - පුද්ගලයෙක් ඇඟ කපා ගනියි

වැල්ලවාය, ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් තම ශරීරය කාපා ගැනීම හේතුවෙන් එම පුද්ගලයා අද (27) වැල්ලවාය පොලීසිය වෙත රැගෙන ගොස් අැතැයි වාර්තාවේ.

වැල්ලවාය බස්නැවතුම්පළ පිහිටි මෙම පුද්ගලයාගේ නිවස පසුගිය දිනක කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර තිබේ.

මෙම පුද්ගලයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළද වැල්ලවාය පොලීසිය විසින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද ඔහු පවසයි.

ඒ හේතුවෙන් ඔහුගේ දරු පවුලට ජීවත් වීමට ස්ථානයක් නැතැයි පවසමින් ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට මෙලෙස තියුණු ආයුධකින් කපා ගන්නා බව වැඩිදුරටත් සඳහන් කරයි.  
 
අතිතයේදී මෙම පුද්ගලයා අතින් සුළු වැරදි සිදුව ඇති බවත් එම වැරදි හේතුවෙන් මෙවැනි දැ සිදු නොකර හොඳ පුද්ගලයෙකු ලෙස  සමාජයේ ජීවත් අවස්තාව ලබා දෙන ඔහු ඉල්ලා සිටියි.
Share on Google Plus