මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ හතර දෙනෙකු සහ ආයතන දෙකක් ගැන විමර්ශන

මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ ඉදිරි විමර්ශන සඳහා ප්‍රකාශ ලබා ගත යුතු බව කියන සැකකරුවන් හතර දෙනා සහ ආයතන දෙක සම්බන්ධව විස්තරාත්මක වාර්තාවක් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (26) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය භාර දුන්නාය.
සිද්ධියට අදාළව රජයේ ජ්‍යේෂ්ඨ අධිනිතිඥවරයා අධිකරණයේ පෙනි නොසිටීම මත ඉදිරි දිනයක් ලබා දෙන ලෙස පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයෙන් ඉල්ලා සිටියේය.
මිග් යානා ගනුදෙනු සිද්ධියට අදාළව යුක්රේන් මාෂ් සමාගම සහ බෙරිමිසා හෝල්ඩිංග්ස් සමාගම මෙන්ම ඩී ඒ පෙරිගොඩව්,ටී එස් ලී සහ එන් ජී ලේක්හිම් ඇතුලු අධ්‍යක්ෂකවරුන් හතර දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනිමට නොතිසියක් නිකුත් කරන ලෙස ඉකුත් දින මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අධීකරණයෙන් ඉල්ලා සිටියේය.
සිද්ධියට අදාළ සැකකාර සමාගම් වන බෙරිමිසා හෝල්ඩින්ග්ස් සමාගම සහ ඩී එස් එලායන්ස් සමාගම යන සමාගම් දෙකම එක් සමාගමක් ලෙස කටයුතු කරන බවටත් එම සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂකවරුන් එකම පුද්ගලයින් බවද මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අධීකරණයට ඉකුත් දින දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ පවත්වා ලබන අප්‍රේ මස 03 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු වන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතාට ඉකුත් දින විවෘත වරෙන්තුවක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය එම නියෝගයේ පිටපතක් යොමු කිරීමට එම නියෝගයේ පිටපතක් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසද නියෝග කළාය.
Share on Google Plus