වන්ධ්‍යාකරණය කළ හැක්කේ සැත්කමකින් පමණයි

වන්ධ්‍යාකරණය සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයෙන් මේ දක්වා ඖෂධමය ක්‍රමයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
ඔහු මේ බව සදහන් කලේ දිවයිනේ වාර්තා වන වන්ධ්‍යාකරණ පෙති ආහාරයට එකතු කළැයි කියන සිද්ධියට අදාලව නිවේදනයක් නිකුත් කරමිනි.
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වන්ධ්‍යාකරණය කරන්නේ සැත්කමකින් බවත් කාන්තාවන් සඳහා එය LRT සැත්කම වන අතර පිරිමින් සඳහා එය වාසෙක්තමී සැත්කම වන බව ද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Powered by Blogger.