මොරටුව නාගරික මන්ත්‍රී සජිත්ට ප්‍රහාරයක්

මොරටු එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී  සජිත් දුමින්ද පීරිස්ට හා එම ඔහුගේ බිරිදට, ඔහුගේ සොහොයුරියට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලීසිය පවසයි.

එගොඩඋයන - සොබාදහම් මාවතේ පිහිටි නිවසේ රැදී සිටින අවස්ථාවේදී ඊයේ(26) රත්‍රී 07ට පමණ ත්‍රීරෝද රථයකින් පැමිණි කිසියම් පිරිසක් විසින් නිවසට කඩාවැදී මන්ත්‍රීවරයාට හා ඔහුගේ සොහොයුරියට පහරදී  නිවසේ ජනෙල් පවා කුඩු කර ඇත.

පහරකෑටමෙන් තුවාල ලැබු සජිත් දුමින්ද මන්ත්‍රීවරයා හා ඔහුගේ සොහොයුරිය පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර  සිද්ධිය සම්බන්ධයෙන් මෝදර, මොරටුව එගොඩඋයන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Share on Google Plus