අල්ලස හා වරප්‍ර‍සාද ලංකා දේශපාලනය අස්ථාවර කළා

ජාතික දේශපාලනයේ අස්ථාවරභාවය විසින් පළාත් පාලන ආයතනයන් හි ඉහළ තනතුරු සදහා පත් කිරීම් වියවුලක් බවට පත් වී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
පලාත් පාලන ආයතන 340 ක ඡන්ද විමසීමපැවති අතර, එයින් පළාත් පාලන ආයතන 170 කම එක් දේශපාලන පක්ෂයකට සභාවේ 50% කට වැඩි සභික සංඛ්‍යාවක් හිමි වී තිබේ. 
ස්ථාවර බලයක් සහිතව කාගේ වත් උපකාරයක් නොමැතිව පාලන ආයතන 157 ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවට) හිමි විය. (ස්වාධීන හා සහාය ලැබූ පක්ෂ ජයගත් බණ්ඩාරවෙල නගර සභාව, මහරගම නගරමහියංගනය, බේරුවල හා තිරප්පනේ ප්‍රා. සභාව ද ඇතුළත්ය)  එක්සත් ජාතික පක්ෂයට කොළඹ හා වැලිගම බලය හිමි වූ අතර ද්‍ර‍විඩ ජාතික සන්ධානයට ඉතිරි පළාත් පාලන ආයතන 11 හි 50% ඉක්මවූ බහුතර බලයක් ඇත. 
සභාපති, උපසභාපති, නගරධිපති වැනි තනතුරු සදහා පත් කර ගැනීමේ දී සභිකයින් අතර ඡන්ද විමසීමක් අවශ්‍ය වන පලාත් පාලන ආයතන 170 කි.  එයින් ද, 79 ක වැඩිම ඡන්ද සංඛ්‍යාව පොහොට්ටුවට හිමිවී තිබේ. 
එජාපයට 40 ක් ලැබී ඇත. බහුතර බලයක් නැති පළාත් පාලන ආයතන රැසක සභාපති/උපසභාපති තනතුරු පොහොට්ටුව හා ශ්‍රීලනිප එක් වී ලබාගෙන ඇත. 
අගමැතිවරයාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස භංගය හේතුවෙන් එජාපයේ හා ශ්‍රීලනිප යේ ඇතිවී තිබෙන අභ්‍යන්තර ගැටුම් මෙම දේශපාලන අස්ථාවරත්වයට මුලිකම හේතුව වී ඇත.  
ඉහළ දේශපාලන නායකත්වය විසින් ලබා දෙන උපදෙස් පිළිපැදීමට පක්ෂයෙන් තේරී පත් වූ පිරිස් විසින් පැහැර හැර ඇති අතර තමන් කැමති පුද්ගලයින්ට අල්ලසට හෝ වෙනත් වරප්‍ර‍සාද හේතුවෙන් සහාය ලබාදීමට සභිකයින් පෙළඹීම අවසනාවන්ත තත්වයක් බව කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
Share on Google Plus