ජාතිවාදය පතුරවන පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබාදිය යුතුයි

2018.03.29 දින උදයන් පුවත් සිරස්තල
 
01. ඉන්දිය ආධාර ඇතිව අළුතින් ඉදිකිරීමට යන කන්කසන්තුරය ධීවර වරාය සදහා අමාත්‍ය මහින්ද අමරවීරගේ අනුමැතිය ලැබී ඇති බව සඳහන්.
 
02. තමා අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන කාලයේදී ශ‍්‍රී ලංකාවේ හොදම අධ්‍යාපන ක‍්‍රමය තිබුනේ යාපනයේ බවත්, නැවතත් එසේ කිරීමට උතුරු පළාත් සභාව සමග එක්ව කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ උතුරු පළාතේ ගුරුවරුන් 324 දෙනෙකු වෙත ස්ථීර පත්වීම් ලබාදීම සඳහා ඊයේ දින අරලියගහ මන්ධිරයේදී පැවති උත්සවයකදී පවසා ඇති බව සඳහන්.
 
03. ද්‍රවිඩ දේශපාලන සිරකරුවෙකු වන ආනන්ද සුදාහරන් නිදහස් කරන ලෙසට ඉල්ලා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත ලිපියක් ලබා දීමට ඌර්කාවට්තුරෙයි ප‍්‍රාදේශිය සභාව තීරණයකට පැමිණ ඇති බව සඳහන්.
 
04. ද්‍රවිඩ දේශපාලන සිරකරුවෙකු වන ආනන්ද සුදාහරන් නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ දින කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ලිපියකට අත්සන් ගැනීමක් සිදුකර ඇති බව සඳහන්.
 
05. ද්‍රවිඩ දේශපාලන සිරකරුවෙකු වන ආනන්ද සුදාහරන් නිදහස් කරන ලෙසට ඉල්ලා උතුරු පළාතේ ඇති පාසල් හි විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා ළමුන්ගේ අත්සන් ලබා ගැනීමේ වැඩ පිලිවෙලක් ගුරු සංගමය විසින් ක‍්‍රියාත්මක කර ඇති බව සඳහන්.
 
06. යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් යාපනය දිස්ත‍්‍රික්කයේ ඇති හින්දු කෝවිල් සදහා උපකරණ ලබා දීමේ වැඩ සටහනක් පසුගිය දින වලදී ක‍්‍රියාත්මක කල බවත්, එහි 100 වන කෝවිල ලෙස වල්ලෙයි මුන්නිඅප්පාර් කෝවිල සදහා උපකරණ ලබා දෙන ලදි. මෙමගින් අම්මාන් කෝවිල, මීනාච්චි අම්මාන් කෝවිල, පුන්නාලේ කඩ්ඩුවාන් වෛයිරවර් කෝවිල, පුන්නාලේ කඩ්ඩුවාන් නරසිම්මා කෝවිල ඇතුළු කෝවිල් 100 ක් සදහා උපකරණ ලබා දී ඇති බව සඳහන්.
 
2018.03.29 දින වාලම්පුරි පුවත් සිරස්තල 
 
01. ශ‍්‍රී ලංකාව තුල ජාතිවාදය පතුරවන පුද්ගලයින් හට දැඩි දඩුවම් ලබාදිය යුතු බව යුරෝපයේ සිට පැමිණි දූත පිරිසක් විසින් ඊයේ දින අස්ගිරි හා මල්වතු පාර්ශවයේ නාහිමියන් හමුවී පවසා ඇති බව සඳහන්.
 
2018.03.29 දින තිනකුරල් පුවත් සිරස්තල
 
01. බංගලාදේශයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණි බංගලාදේශ ආරක්‍ෂක හමුදා නිළධාරීන් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෙරේදා දින යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි යන හමුවී ඇති බව සඳහන්.
 
02. යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් යන අයගේ අදහසකට අනුව යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරීන් සඳහා පස් දින යුධ හමදුා පුහුණුවක් පසුගිය 19 වන දින සිට 23 වන දින දක්වා දියතලාව යුධ හමුදා කඳවුරේදි පවත්වා ඇති බවත්, මෙහිදි කාන්තා නිළධාරීන් 08 දෙනෙකු ඇතුළු නිළධාරීන් 33 දෙනෙකු පුහුණුවීම්හි නිරත වී ඇති බව සඳහන්.
 
03. යුද්ධ හමුදාව විසින් යාපනය දිස්ත‍්‍රික්කයේ ඇති හින්දු කෝවිල් වෙත උපකරණ ලබා දීමේ වැඩ පිලිවෙලේ සංකානේ අරසාල් සිත්ති ඥාණවලවර් කෝවිල සදහා ඝණ්ඨාරයක් ලබා දීමේ උත්සවය පසුගිය දිනකදී සිදුකර ඇත. 
 
2018.03.29 දින කාෙලෙකදීර් පුවත් සිරස්තල
 
01. මුලතිව් ආන්දාන්කුලම් ප‍්‍රදේශයේදී යුධ හමුදා සෙබලෙකු සතුව තිබී නාදුනන පුද්ගලයෙකු විසින් රැගෙන ගිය ඒ කේ 47’ වර්ගයේ ගිණි අවිය හමුවී ඇති බව යුධ හමුදාව විසින් ඊයේ දින පොලීසිය වෙත දැණුම් දී ඇති බව සඳහන්.
 
02. 52 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප‍්‍රනාන්දු පත්කර ඇති බව සඳහන්.
Share on Google Plus