අගමැතිට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩු නියෝජිතයින්ගේ සහය

අග්‍රමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පිරිස් ද මේ වන විට සහයෝගය පල කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ එම විශ්වාසභංග යෝජනාව ගෙනඒමට කටයුතු කරන බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු ‍අග්‍රමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට සහය පල නොකරන බව අමාත්‍ය පී.හැරිසන් සඳහන් කළේය.

Share on Google Plus