ලොකු පුටු දන්දුන් බදුල්ලේ කාන්තාවෝ

බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හා උප සභාපති ධුරය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක ඉදිරියේ බදුල්ල ප්‍රාදේශිය සභාවේ දී  තුසපත් කිරිමේදී  කාන්තාවන් දෙදෙනෙකුට හිමි විය.
ඔවුන් දෙදෙනාම තීරක ඡන්දය ලෙස තම කැමැත්තෙන් වෙනත් සභිකයන් දෙදෙනෙකුට එම සභාපති ධූරය හා උප සභාපති ධුරය පිරි නමා තිබේ. 
බදුල්ල ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සභිකයන් 07 දෙනෙක්ද එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයන් 07 දෙනෙක්ද ජනතා විමුක්ති පෙරමුණනේ සභිකයන් 02 දෙනෙක්ද පත්විය.
පොහොට්ටුව ලකුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වි තිබිණි.
සභාපති ධුරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් රම්‍ය සිරි මන්තිලකගේ නම ද එක්සත් ජාතික පක්ෂයෙන් ශාන්ත ප්‍රදීප් ලියනගේගේ නමද යොජනා වී තිබිණි.
මෙහිදී රහස් ඡන්දයක් විමසීමකට සභිකයන් යෝජනා කළ නිසා රහස් ජන්දය පැවැත් විය.
එහිදී සභිකයින් දෙදනාටම ජන්ද 07 බැගින් හිමි වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ සභිකයන් දෙදෙනා ජන්දය දීමෙන් වැලකී සිටියහ. 
දෙදෙනාම සම ජන්ද ලැබීම නිසා ඡන්දය භාවිතා කළ සභිකයන් 14 දෙනා අතර කුසපත් කිරිමක් සිදු කර තීරක ඡන්දය විමසීමට පළාත් පාලන කොමසාරිස්වරයා නීත්‍යානූකූල පියවර ගත්තේය.
එහිදි මුතුවේල් ජයනායකී (එජනිස) ජයග්‍රහණය කළ අතර  ඇගේ කැමත්ත විමසීමේදි තමා එම සභාපති ධුරය රම්‍ය සිරි මන්තිලකට බාරදෙන බව ප්‍රකාශ කළේය.
එම  තීරක ජන්දය අනුව රම්‍යසිරි මන්තිලක සභාපති ලෙස පළාත් පාලන කොමසාරිස් වරයා විසින් නම් කෙරිණ උප සභාපති ධූරය සඳහා ද ඡන්ද විමසීම සිදුවිය.
ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් විජිත රත්නායකගේ නම යෝජනා වූ අතර එක්සත් ජතික පක්ෂයෙන් ශාන්ත ප්‍රදීප් කුමාර ලියනගේගේ නම යෝජනා කෙරිණ.
රහස් ඡන්දය විමසීමේදි 07 බැගින් වු සම ඡන්දයක් ප්‍රකාශ විම නිසා කුසපත් ඇද තීරක ඡන්දය ලබා ගැනීමට පළාත් පාලන කොමසාරිස්වරයා කටයුතු කළේය.
මෙහිදී එම ජයග්‍රහණය හිමිවුයේ වේලායුධම් සුන්දරවදනී (එජනිප) ටයි.
ඇගේ කැමත්ත විමසිමේදී  තම ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජිත රත්නායකට බාරදෙන බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව උපසභාපති ලෙස  විජිත රත්නායක පත්කෙරිණ.
ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ද මෙම අවස්ථාවට පැමිණ සිටියේය.
මේ අතර බදුල්ල මහ නගර සභාවේ පුරපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ප්‍රියන්ත අමරසිරි සහ නියෝජ්‍ය ජනගරාධිපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අසිත නලින්ද රංගේ වැඩි ජන්දයෙන් තේරී පත්ව තිබේ.
ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක හමුවේ ජන්ද විමසීම සිදුවී ඇත‍.
ඉකුත් මැතිවරණයේදි එක්සත් ජතික පක්ෂය මන්ත්‍රී ධුර  09 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  08 ක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානය 05ක් ජනතා විමුක්ති පෙරමුණ 03 ක් ලබාගෙන තිබුණි.
එක් මන්ත්‍රීවරයෙක් නොපැමිණි අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා ඡන්දය දිමෙන් වැලකී සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්වි ඡන්දය පාවිච්චි කිරිමි නිසා බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටි එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්ව ඇත.
Share on Google Plus