අයෙකු මැරුවාට තෙල්දෙණියේ ගැටුමක් - PHOTOS


දිගන ප‍්‍රදේශයේ ඇතිව තිබෙන කලබලකාරී තත්වයක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
තෙල්දෙනිය නගරයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදා ඇති අතර ගමනාගමනයද සීමා කර තිබේ.
තෙල්දෙනිය නගරයේ ජනතාව විසුරුවා හැරීමටද පොලීසිය කදුලු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම තත්ත්වය නිසා මහනුවර-මහියංගනය මාර්ගයයේ වාහනධාවනයට දැඩි බාධා එල්ල වී ඇත.
තෙල්දෙණිය නගරයේ දී පසුගිය 22 දා පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම හේතුවෙන් මෙම ගැටුම්කාරී තත්වය මතුව ඇති අතර තෙල්දෙණිය ප‍්‍රදේශයට විශාල ජනකායන් පැමිණ ඇති බවත් වාර්තා වෙයි.
ප‍්‍රදේශය තුල විරෝධතා පෙලපාලි පැවැත්වීම තහනම් කර ඇත.

හෙට පෙරවරු 06.00 වන තෙක් මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
මහනුවර දිගන ප්‍රදේශයේ අද දින සිදු ව ඇති සිදුවීම පිළිබඳ අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලීසියට හා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිතුමා පොලීසියට හා යුද හමුදාව වෙත උපදෙස් ලබාදී තිබෙන්නේ, ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.







Share on Google Plus