පලෙයි අර්සර්කේනි ගෙවත්තක භූගත බංකරයක්


2018.04.24 දින උදයන් පුවත් සිරස්තල

01. පලෙයි අර්සර්කේනි ප‍්‍රදේශයේ ගෙවත්තක් පිරිසිදු කරමින් සිටියදී එහි ඉදිකර තිබු භූගත බංකරයක් හමුවී ඇති අතර, ඉඩම්හිමියා විසින් යුධ හමුදාව වෙත දැන්වීමෙන් පසු යුධ හමුදාව ගොස් එය පරික්‍ෂා කර ඇති බව සදහන් . (මෙම පුවත තිනකුරල් පුවත්පතේද පලවී ඇත) 

02. ඉරණතිව් ප‍්‍රදේශයේ  නාවික හමුදාව සතුව ඇති තමන්ගේ ඉඩම් නිදහස් කර දෙන ලෙස ඉල්ලා එම ප‍්‍රදේශයේ ජනතාව විසින් ඊයේ දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා ඇති අතර,ඔවුන් වෙත මේ පිලිබද ස්ථිර තිරණයක් ලබා දෙන තුරු එම උද්ඝෝෂණය අත්නොහරින එම ජනතාව විසින් පවසා ඇති බව සදහන්.

03. යාපනය තෙන්මරච්චි ප‍්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සදහන්. (මෙම පුවත තිනකුරල් පුවත්පතේද පලවී ඇත)

04. චාවකච්චෙිරි ප‍්‍රදේශයේ නිවාස තුනකට ඇතුල්වූ නාදුනන පිරිසක් විසින් එම නිවෙස්වල තිබු වටිනා දේපල විනාශ කර පළා ගොස් ඇති බව සදහන්.


05. පාසල් සිසුන් හට අලෙවි කිරිම සදහා රැගෙන ආ මත් පෙති 800 ක් සමගින් පෙරේදා දින මඩකළපුව ප‍්‍රදේශයේදී පාසල් ශිෂ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

2018.04.24  දින වාලම්පුරි පුවත් සිරස්තල
01. මුලතිව් ප‍්‍රදේශයේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් එම ප‍්‍රදේශයේ ඉඩමක බෞද්ධ විහාරයක් ඉදිකර ඇති අතර, එම ඉඩමේ හිමිකරු විසින් ඒ පිලිබදව මානව හිමිකම් කොමිෂම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව පරික්‍ෂණ පවත්වන බව සදහන්.

02. මුලතිව් සිට යාපනයට පැමිණි වයස අවුරුදු 15ක දැරියක් පසුගිය 18 වන දින සිට  අතුරුදහන්වී ඇති බවට කෝපායි පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව සදහන්.

03. යාපනය විශ්ව විද්‍යාලයට අයත් වව්නියාව දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති ව්‍යපාර අධ්‍යාපන පීඨයේ ඉගෙනුම ලබන සිංහල සිසුන් පිරිසක් විසින් එම පීඨය තුල බුදුමැදුරක් ඉදිකිරිමට විරෝධය පළ කරමින් එම පීඨය ඊයේ දින සිට දින නියමයක් නොමැතිව වසා දැමිමට කටයුතු කර ඇති බව සදහන්.

03. යාපනය ආනෙපන්ති ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රි පාපැදියක ගමන් ගත් පුද්ගලයෙකු ටිපර් රථයක ගැටී බරපතල තුවාල සිදුවීම හේතුවෙන් යාපනය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව සදහන්.

2018.04.24 දින තිනකුරල් පුවත් සිරස්තල

01. මුලතිව්  දිස්ත‍්‍රිකයේ යුද්ධය පැවති සමයේ ජනතාවගේ ඉඩම් වල  ඉදිකරන ලද යුධ අගල් සහ බංකර් තවමත් තිබෙන බැවින් එවා යථා තත්ත්වයට පත් කිරිමට කිසිවෙකු ඉදිරිපත් වී කටයුතු නොකරන බව ඉඩම් හිමි ජනතාව විසින් පවසා ඇති බව සදහන්.

2018.04.24 දින කාලෙකදීර් පුවත් සිරස්තල

01. වවුනියාව පම්පෙමඩු ප‍්‍රදේශයේ යුධ හමුදා කදවුරක පුහුණුව ලබමින් සිටි සෙබළුන් 20 දෙනෙකු හදිසියේ සිහිසුන්වීම හේතුවෙන් පෙරේදා දින රෝහල් ගත කර ඇති අතර, එයින් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව සදහන්.

Share on Google Plus