"කංසා" එදා සිට අද දක්වා

මිනිසාගේ බිහිවීම

මිනිසා බිහි වන්නේ කංසා ශාකය බිහි වී වසර මිලියන 30 ක් පමණ ගෙවී ගිය පසුව ය. එනම් වසර ලක්ෂ දෙකකට පමණ ඉහත දී ය. අප්‍රිකාවේ දී බිහි වූ මිනිසා චීනයට පැමිණෙන්නේ් වසර 25000 කට පමණ ඉහත දී ය. 

මිනිසාට ප්‍රථම වතාවට කංසා ශාකය හමුවන්නේ වසර 12000 කට පමණ ඉහත දී ය. කංසා ශාකයෙන් ලබා ගත හැකි ප්‍රයෝජන දුටු මිනිසා කංසා ශාකය ගෘහාශ්‍රිත බෝගයක් ලෙස වගා කරන්නට විය. මිනිසාගේ එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය ද කංසා නිසා සක්‍රිය විය. එකල කංසා ශාකය බහුකාර්ය බෝගයක් ලෙස පරිභෝජනය කෙරිණි. 

ආහාර, ඖෂධ, රෙදි විවීම, රූපලාවන්‍ය, ඉන්ධන, විනෝදය සහ ආධ්‍යාත්මික ජීවිතය ඉහළ නංවා ගැනීම සදහා උදව් දුන්නේ කංසා ශාකය යි. සයිතියන්වරු කූඩාරම් සැදිම සදහා භාවිත කළේ කංසා දඩුය. කෘෂිකාර්මික ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ චීනයේ දී ය. ඉන් පසු මිනිසාගේ සමාජය නාගරීකරණය වන්නට විය. නාගරීකරණය නිසා ආහාර රටා වෙනස් වූ අතර ආහාරයේ තිබූ විවිධත්වය ද අඩු විය. නැවතත් සෞඛ්‍ය සම්පන්න වීම සදහා අවශ්‍ය ආහාර වනාන්තරයේ වූ ශාක, සත්ත්ව සහ පාෂාණවලින් ම ලබා ගැනීමට සේවාවන් බිහි විය. මෙම නව සේවාව ඖෂධ සැපයීම වූ අතර ඖෂධ ඛෙදාහැරීමට දක්ෂ මිනිසුන් වෛද්‍යවරු ලෙස දේවත්වයට පත් විය.

කංසා ඉතිහාසය

වසර 12000 කට ඉහත දී මිනිසා කෘෂිකාර්මික ශිෂ්ටාචාරය ආරම්භ කරන විට ගෘහස්ථකරණය කළ පළමු ශාකය කංසා ය. එසේ සිදු කළේ එයින් ලබා ගත හැකි වූ අමුද්‍රව්‍ය ඔවුන්ගේ ජිවිතයට නැතිව බැරි වූ නිසා ය. කෘෂිකර්මය සමග ආරම්භ වූ වෙළදාම සමග කංසා ආශ්‍රිත විවිධ නිෂ්පාදන ලොව පුරා ව්‍යාප්ත විය. ඒ සමග ම චීනයේ අල්තායි කදුවැටියෙන් බිහි වූ කංසා ශාකය ලොව පුරා ව්‍යාප්ත වන්නට විය.

චීනයේ සිට කංසා ශාකය ඉන්දියාවට රැගෙන ආවේ ආර්යයන් විසිනි. ඔවුන් වෙළෙන්දන් ය. මධ්‍යධරණි ප්‍රදේශයට සහ යුරෝපයට රැගෙන ආවේ සයිතියන් වෙළෙන්දන් විසිනි. අප්‍රිකාවට රැගෙන ගියේ අරාබි ජාතික වළෙන්දන් විසිනි. ශ්‍රී ලංකාවට රැගෙන එන්නට ඇත්තේ රාවණා රජු ලංකාද්වීපයේ පාලකයා වු කාලයේ දී ය. යුරෝපයේ සිට ඇමරිකාවට කංසා රැගෙන ගියේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසිනි. යුරෝපයේ සිට ඔස්ටේ‍රලියාවට කංසා රැගෙන ගියේ කැප්ටන් ආතර් පිලිප් විසින් වසර 1787 දී ය.

එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය

විශ්වය ආරම්භය සිදු වූයේ වසර බිලියන 13.7 කට ඉහත දී ය. ඉන්පසුව ක්‍රමයෙන් සෞරග්‍රහ මණ්ඩල නිර්මාණය විය. පෘථීවි ග්‍රහවස්තුවේ සාගරවල ජීවය ඇරඹිණි. ජීවයේ රසායනික පදනම ඩීඑන්ඒ බවට පත් විය. ඩිඑන්ඒ සහිත ඒක සෛලික ජීවීන් පරිණාමය වී බහු සෛලික සංකීර්ණ ජීවින් බවට පත් විය. මෙම සංකීර්ණ සතුන්ගේ ශාරීරික යහපාලනය ස්ථාවරව පවත්වා ගැනීම සදහා වසර මිලියන 600 කට ඉහත දී ජෛව රසායනික පද්ධතියක් බිහි විය. වර්තමාන විද්‍යාඥයින් විසින් එම ජෛව රසායනික පදනම හදුන්වා දෙන්නේ එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය ලෙස යි. 

මෙම ජෛව රසායනික පද්ධතිය සක්‍රීය කරන්නේ මොළයෙන් නිපදවන රසායන දෙකක් මගිනි. එම රසායන දෙක විද්‍යාඥයින් නම් කර ඇත්තේ ආනන්දමයිඩ් සහ විරෝධ්මයින් ලෙස යි. එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය ක්‍රියාත්මක වන විට ප්‍රතිශක්තිය වැඩි වෙයි. රෝගාබාධවලට ගොදුරු වීම අඩු වෙයි. ආහාර රුචිය වැඩි වෙයි. අමතක කිරීම පහසු වෙයි. මනසට ආනන්දට ලැඛෙයි. පොදුවේ ගත් කළ හිත සිරුර සහ මනසේ පාලනය යහපත්ව පවත්වා ගැනීමට ද හැකි වෙයි.

කංසා ශාකයේ බිහි වීම

එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය නිර්මාය වී වසර මිලියන 600 කට පමන පසුව එනම් වසර මිලියන 30 කට ඉහත දී මධ්‍යම ආසියාවේ අල්තායි කදුවැටියේ දී කංසා ශාකය බිහි විය. මේරූ ගැහැණු කංසා ශාකවල කරටිවලින් පැනනගින ගැහුණුමල් වටා ඇති නිපත්‍ර සහ පත්‍රවලින් මැලියම් වර්ගයක් ශ්‍රාවය වෙයි. එහි රසායන 500 ක් පමණ ඇති අතර කංසා ශාකයට ආවේණික වූ රසායන 80ක් පමණ ඇත. වර්තමානයේ දී විද්‍යාඥයින් විසින් ඒවා පිළිබදව අධයනය කර කාණ්ඩ අටකට වර්ගීකරණය කර ඇත. 

එයින් කාණ්ඩ දෙකකට එනම් ටෙට්රාහයිඩ්‍රෝකැනබිනොයිඩ සහ කැනබිඩයෝල්වලට සතුන්ගේ සිරුර තුළ ඇති එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය සක්‍රිය කළ හැකිය. මෙම රසායන දෙකට මනසෙන් නිපදවන ආනන්දමයිඩ් සහ විරෝධ්මයින්වලින් සිදු කරන ක්‍රියාව සිදු කළ හැකිය. කංසා ඇටවල පිෂ්ඨය, ප්‍රෝටීන සහ මේදය බහුල ය. ඔමේගා 3 සහ 6 ෆැටි ඇසිඩ් වර්ග මිනිස් සිරුරට අවශ්‍ය වන පරිදි ම 1-3 අනුපාතයෙන් ම පවතී. කංසා කද වටා ඇති පොත්තේ ශක්තිමත් නම්‍යශීලි තන්තු බහුල ය. කංසා අරටුව ශක්තිමක්ය නම්‍යශීලීය.

ඖෂධ සංග්‍රහ

ශිෂ්ටාචාරයේ මුල් වැසියන් නව පරම්පරාවට දැනුම ලබා දුන්නේ ප්‍රායෝගිකව පුහුණු කිරීම සහ කාව්‍යමය ආකාරයට ය. ලේඛනකරණය ආරම්භ වීමත් සමග තොරතුරු වෙන වෙනම ලේඛන ගත විය. ආහාර සහ ඖෂධ පිළිබද තොරතුරු අඩංගු ලේඛන ඖෂධ සංග්‍රහ ලෙස හදුන්වයි. ඉන්දියානුවන්ගේ මුල් ම ඖෂධ සංග්‍රහය ඇතුළත් වූයේ වේදයේ ය. චීනයේ මුල් ම ඖෂධ සංග්‍රහය පෙන්ෂෝචින්ග් නම් විය. පර්සියානුවන්ගේ ඖෂධ සංග්‍රහය මාක්ෂාන් අල් අද්වියාවි ය. ශ්‍රී ලංකාවේ මුල් ම ඖෂධ සංග්‍රහය සාරාර්ථ සංග්‍රහය යි. යුරෝපයේ සැම රටකට මෙන්ම ඇමරිකාවේ ද ඖෂධ සංග්‍රහයන් ඇත.

ලතින් බසින් මැටීරියා මෙඩිකා නම් වූ ඖෂධ සංග්‍රහය ඉංග්‍රීසි බසින් ඩිස්පෙන්සරි හෝ පාර්මැකෝපියා නම් වෙයි. මෙම සියලූ ඖෂධ සංග්‍රහවල තිබූ ප්‍රධාන ම ඖෂධීය ශාකයක් වූයේ කංසා ය. වසර 1200 දී සම්පාදනය වූ ආනන්දකංඩම් නැමැති ඉංදීය ඖෂධ සංග්‍රහයට අනුව කංසා පරිභෝජනයෙන් සියලු දෝෂ සහ රෝග නැසෙයි. මතකය තීවුර වෙයි. ආහාර රුචිය වැඩි වෙයි. මලබද්දය දුරු වෙයි. මකුණන් සහ උකුණන් ද නසයි. මෛථූන ශ්‍රාවයන්ගේ නිෂ්පාදනය වැඩි වෙයි. ඥානය වර්ධනය කරයි. ධාර්මික ගුණ වැඩි වෙයි.

දේශ ගවේෂණ සමග යටත් විජිතවලින් ගෙන්වා ගත් ඖෂධ අධිරාජ්‍යවාදින්ගේ ඖෂධ සංග්‍රහවලට එකතු විය. එංගලන්තයේ සහ ඇමරිකාවේ ඖෂධ සංග්‍රහවලට කංසා, අබිං සහ කොකා එකතු වුයේ ඒ අයුරිනි. මත්පැන් සහ දුම්කොළ යටත් විජිතවලට හදුන්වා දීම ද මේ අතර සිදු විය.  වසර 1900 වන විට ලෝකයේ සැම රටකම කංසා, අබිං, මොර්ෆීන්, හෙරොයින් සහ කොකේන් ඖෂධීය ලෙස භාවිත කළ අතර ප්‍රඥාවන්තයින් විසින් මනස සන්තර්පනය කර ගැනීම සදහා ද භාවිත කරන ලදී. කොකා, අබිං සහ කංසා ශාක අතරෙන් බහු කාර්ය බෝගයක් වූයේ කංසා ය. රෙදි විවීම, කරදාසි නිපදවීම, ඉන්ධන, ආහාර සහ රූපලාවන්‍ය සදහා භාවිතා කළේ ද කංසා ශාකයෙන් ලබා ගත් අමුද්‍රව්‍යය.

රසායන විද්‍යාවේ ප්‍රගමනය

ඇමරිකාවේ සහ යුරෝපයේ එවකට සිටි රසායන විද්‍යාඥයින් විසින් මෙම ප්‍රධාන ඖෂධ තුනෙහි ක්‍රියාකාරි රසායනය සොයා පර්යේෂණ කරන ලදී. වසර 1804 දී අබිංවල ඇති ක්‍රියාකාරී රසායනය හදුනා ගැනීමට පර්යේෂකයින්ට හැකි විය. ඉන්පසුව එම රසායනය නිස්සාරනය කර වෙළද පොළට ඉදිරිපත් කෙරිණි. දුම්කොළවල ක්‍රියාකාරි රසායනය හදුනා ගත්තේ ජර්මන් ජාතික පර්යේෂකයින් දෙනෙකු විසින් වසර 1828 දී ය. එය  නිකොටින් නම් විය. කොකා ශාකයේ ක්‍රියාකාරී රසායනය හදුනා ගත්තේ වසර 1855 දී ය. එය කොකේන් ලෙසින් හැදින් විණි. මොර්ෆීන් සහ විනාකිරි එකතු කර හෙරොයින් සැදීම ආරම්භ කළේ වසර 1874 දී ය. එ කල කොකේන්, මොර්ෆීන් සහ හෙරොයින් ඖෂධ ලෙස භාවිත කෙරිණි. එ කල තිබු අනෙක් ජනප්‍රිය ඖෂධය කංසා විය.
 
ඇබ්බැහිය සහ තහනම

මේ අතර කොකේන් හෙරොයින් සහ මොර්ෆීන් සමාජ ව්‍යසනයක් බවට පත් විය. එයට හේතුව ඒවාට ඇබ්බැහි වන නිසා ය. ඒවා පාලනයට ඇමරිකානු මත්ද්‍රව්‍ය අධිකාරිය ආරම්භ කරන ලදී. ඇමරිකානු රජය විසින් කොකෙන්, මොර්ෆීන් සහ හෙරොයින් පරිබෝජනයට නුසුදුසු ද්‍රව්‍ය බවට පත් කරන ලදී. ඒ සමගම කොකා ශාකය සහ අබිං ශාකය  වගා කිරීම සහ භාවිතය තහනම් කෙරිණි.

රසායන විද්‍යාවේ ප්‍රගමණයත් සමග පෙට්රෝලියම් අමුද්‍රව්‍ය භාවිතයෙන් කෘත්‍රීම ද්‍රව්‍ය නිෂ්පාදනය ආරම්භ විය. කෘත්‍රීම භාණ්ඩ සදහා වෙළදපොළ නිර්මාණය කිරිම අපහසු විය. වසර 1940 දී කෘත්‍රිම හෙවත් සින්තෙටික් අමුද්‍රව්‍යවලින් සැදූ භාණ්ඩ වෙළදපොළ ආක්‍රමණය කළේ ය. රසායනාගාරවල දී කෘත්‍රීම ඖෂධ වර්ග නිර්මාණය වන්නට විය. කැලෑ ගස් කපමින් කරදාසි සැදීම ආරම්භ වූයේ ද මේ කාලයේ දී ය. දැව තලපයෙන් කඩදාසි නිපදවීම ආරම්භ විය. ඒ සමගම පරිසරයට පිළිකාකාරක ඩයොක්සීන් වැනි රසායන එකතු විය. දුම්කොළ භාවිතය නිසා පිළිකා සෑදෙන බව වසර 1952 වන විට පර්යේෂණවලින් හෙළි විය.

කෘත්‍රීම අමුද්‍රව්‍ය වලින් ඇදුම්, ඛෙහෙත්, ලණු, කඹ ආදි කංසාවලින් සිදු කළ බොහෝ දේවල් කිරිමට හැකි විය. කෘත්‍රීම ඖෂධ විකුණා ගැනීම සදහා වෙළදපොළ නිර්මාණය කිරීම ඉතා අපහසු විය. ඇමරිකාවේ මුල්‍ය ආයතනය, මත්ද්‍රව්‍ය අධිකාරිය සහ මාධ්‍ය ජාලයක හිමිකරුවෙකු එකතු වී කංසා ශාකය ගොවිබිමෙන් ඉවත් කිරීම සදහා උපක්‍රමයක් දියත් කළහ. කංසා යනු මත්ද්‍රව්‍යක් බවත් එම නිසා කංසා ශාකය පරිබෝජනයට නුසුදුසු ද්‍රව්‍ය කාණ්ඩයට ඇතුළත් කළ යුතු බවත් ඔවුන් යෝජනා කළේ ය. ඇමරිකානු ෆෙඩරල් රජය කංසා තහනම් කළේ ය. මේ අතර ඇමරිකානු ඖෂධ සංග්‍රහයෙන් කංසා ඉවත් විය. ප්‍රාන්ත රජයන් විසින් ද කංසා තහනම් කරන ලදී. ඉන්පසු එක්සත් ජාතින්ගේ සංවිධානය සමග එකතු වී ලොව පුරා කංසා වගාව සහ භාවිතය තහනම් කෙරිණි.

තහනම ඉවතට

බටහිර ජාතිකයින්ගේ පර්යේෂණවලට අනුව කංසා ප්‍රතිශක්තිය වැඩි කරයි. බැක්ටීරියා විනාශ කරයි. පිළිකා වර්ධනය නවතයි. ස්නායු ආරක්ෂා කරයි. රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කරයි. අස්ථී වර්ධනය කර ශක්තිමත් බව වැඩි කරයි. වලිප්පුව නවතයි. ආසාදන වළක්වයි. රුධිරවාහිනී හිරවීම වළක්වයි. කුඩා බඩවැලේ ආසාදන සහ අපහසුතා අඩු කරයි. ඔක්කාරය නවතයි. වේදනා නසයි. කාංසාව දුරු කරයි. මාංශපේශි ලිහිල්ව තබයි. ස්පොරියාසිස් වැනි චර්ම ආසාදන වළකයි. මනසට ආනන්දය ද ලබා දෙයි.

මේ සමග ම කංසා රසායනයන් ශරීරගත වීම අඩු වී සින්තෙටික් රසායන, සාන්ද්‍රණය අධික මධ්‍යසාර සහ නිකොටින් ශරීරගත වීම ඇරඹුණි. මේ අතර කෘත්‍රිම ඖෂධවල ව්‍යාප්තිය තව දුරටත් වැඩි විය. ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධවලට පාලනයක් තිබිය යුතු බව පෙන්වා දුන්නේ මේ කාලයේ දී ය. ඒ වෛද්‍ය සේනක බිබිලේ මහතා විසින් වසර 1970 දී ය. පිළිකාව සමාජය පුරා ව්‍යාප්ත වන අතර කංසාවලට පිළිකා නැසිය හැකි බව 1974 දී සොයා ගැනුණි. වසර 1976 සිට 1992 දක්වා වූ කාලයේ දී ඇමරිකානු පිළිකා රෝගීන්ට වසරකට කිලෝ නවයක කංසා සලාකයක් ලැබුණි. ඒ පිළිකාවෙන් සහනය ලබා ගැනීම පිණිස දුම් ඉරීමට ය. 

වසර 2015 වන විට කංසා ආශ්‍රිත ඖෂධ වර්ග 650කට පමණ අන්තර් ජාතික පේටන්ට් බලපත්‍ර ලබාගෙන ඇත. මේ වන විට ලෝකයේ රටවල් 40කට ආසන්න ප්‍රමාණයක කංසා වගා කිරීම අරඹා ඇත. කංසා ශාකයෙන් ලබා ගන්නා අමුද්‍රව්‍යවලින් ඖෂධ, ආහාර, තෙල් කඩදාසි, රෙදි, ප්ලාසිටික්, ගොඩනැගිලි ද්‍රව්‍ය, රූපලාවන්‍ය සහ විනෝදාශ්වාදය ලැබිය හැකි බියර් සහ ආනන්දය ලැබිය හැකි මරිජුවානා හෙවත් ගංජා ද නීත්‍යානුකූලව නිපදවයි. කංසා මත පදනම් වන ආර්ථීකයක් දක්වා ඔවුන් ගමන් කරමින් සිටියි. කංසා ශාකය කප් රුකක් බදු ය. 

ත්‍රෛලෝක්‍යවිජයා හෙළි කරන්නේ කංසා පිළිබදව එම සත්‍ය කතාව යි.
  
(ආචාර්ය වසන්ත සේන වැලිඅංග)
Powered by Blogger.