කැබිනට් සංශෝධනයකට ජනපති අගමැති එකඟවෙයි


එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් කිරීම සඳහා ඊයේ (07) රාත්‍රියේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත් වුනු සාකච්ඡාවේදී එකඟ වී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී එයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සමඟ තවදුරටත් කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයාට ඒ පිළිබදව නිල වශයෙන් දැනුම් දී  ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් පැවසීය.

Powered by Blogger.