බන්දුලගේ තැටිය මාරු වෙයි

බැඳුම්කර වංචාවට අදාළ සිදුවීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැරැද්දක් සිදු කර නැති බවත් රනිල් වික්‍රමසිංහ ලැබුණු වැරදි උපදෙස් නිසා මෙම තත්වය උදා වී ඇති බවත් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මේ බව පැවසීය.
එහිදී බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් පැවසූවේ බැඳුම්කර වෙන්දේසියේ සෘජු ක්‍රමය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහව නොමග යවමින් ඔහුට උපදෙස් දුන් පිරිස විසින් වැරදි ලෙස උපදෙස් දීම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බවය.
Share on Google Plus