ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ වෙනසක්

විශ්වාසභංගයේ තිරණය අනුව කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳුදා සිදුවීමට නියමිත බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්ය.

විශ්වාසභංගය ආණ්ඩුවේ හැරවුම් ලක්ෂයක් බව පෙන්වාදෙන අමාත්‍යවරයා මේ හරහා ආණ්ඩුව තවත් ශක්තිමත් වන බවත් ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකස්කරගැනීම සඳහා මෙය පාදක කරගන්නා බවත් රාජිත සේනාරත්න පෙන්වා දෙයි.
Share on Google Plus