අගමැති නියමයෙන් චීනේ ගිය ඇමතිවරු යළි දිවයිනට

චීන කථානායකවරයාගේ ආරාධනයකට අනුව චීනයේ සංචාරයක නිරතව සිටි මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එම සංචාරය අතරමඟ නිමවා යළි දිවයිනට පැමිණ තිබේ.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා  මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරු 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා චීනය බලා පිටත්ව ගියේය.

එම සංචාරය හෙට දිනෙන් අවසන්වීමට නියමිතව තිබුණ ද අග්‍රමාත්‍යවරයාගේ දැනුම්දීමකට අනුව ඊයේ දිනයේදී මෙම මැති ඇමතිවරුන් දිවයිනට පැමිණ ඇති බව සඳහන්ය.

ඊයේ රාත්‍රී 07.00ට පමණ අදාළ මන්ත්‍රීවරුන් චීනයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ.
Share on Google Plus