Face Book නව නීති ප්‍රසිද්ධ කරයි

ලොව ජනප්‍රියතම සහ වැඩිම පරිශීලකයන් පිරිසක් සහිත සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ප්‍රථම වරට එය භාවිත කරන්නන්ගේ නුසුදුසු අන්තර්ගතයන් ඉවත් කිරීමට අදාල නීති රීති ඊයේ (24) ප්‍රසිද්ධියට පත් කර තිබේ.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය නිරීක්ෂකයන්ගේ හා එහිම පරිශීලිකයන්ගේ අදහස් මත නුසුදුසු අන්තර්ගතයන් ඉවත් කලද ඊට අදාල නීති පද්ධතියක් ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ ප්‍රථම වරටය.
බිලියන 2කට වැඩි පාරිශීලිකයන්ගෙන් සමන්විත ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය බොහෝ පාර්ශවයන්ගේ දැඩි විවේචනයට ලක්වීම හේතුවෙන් මෙම නව නීති පිටු 27ක ලියවිල්ලක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ෆේස්බුක් ආයතනයට එල්ලවූ චෝදනා අතර වෛරී සහගත ප්‍රකාශයන් හුවමාරුවීම, ලිංගික හිරිහැරයන්ට ගොදුරුවීමට අවකාශ සැකසීම, ප්‍රචණ්ඩකාරී තර්ජන ආදිය මූලිකත්වයක් ගනියි.එසේම පරිශීලිකයන් ෆේස්බුක් සමාගමේ ප්‍රමිති හා රෙගුලාසි වලට පටහැනි අන්තර්ගතයන් පිළිඹද පැමිණිලිකලද ඒවා බාදාවකින් තොරව පවත්වාගෙනයාම සම්බන්ධ චෝදනා ද වේ.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගත නිරීක්ෂණය කිරීම සඳහා සේවකයන් 7500ක් සිටින අතර ඔවුහු භාෂා 40ක් ආවරණය වන පරිදි කටයුතු කරති.
නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් ෆේස්බුක් සමාගම ආගමික, කලාපීය, සංස්කෘතික හෝ භාෂාවකට හෝ පදනම් නොවී අඛණ්ඩව සහ සාධාරණ ලෙස ෆේස්බුක් ප්‍රජාවට සේවා සපයන බවට පොරොන්දු වුවද සමාගම නිරන්තරයෙන් එසේ කිරීමට අපොහොසත් වීමත් ශ්‍රි ලංකාව, මියන්මාරය වැනි රටවල වර්ගවාදී ගැටුම්වලදී එම සමාගම දැක්වූ අසමත්කම හා ප්‍රමාදයත් වාර්ථා කරයි.
Powered by Blogger.