ගෑස් සමග ආපන ශාලා ආහාර මිල ගණන් ඉහලට
එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා මේ බව සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දැමීමට රජය දුන් අවසරය සම්බන්ධයෛන් අදහස් දක්වමිනි.
ගෑස් මිල ඉහළ නැංවීමට සාපේක්ෂව ආහාර මිල ගණන් ඉහළ නැංවීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස ද ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
මේ අතර ගෑස් මිල ඉහළ නැංවීම පිළිබඳ රජය සමග සාකච්ඡා කර විසඳුමකට පැමිණිමට අපේක්ෂා කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ ගෑස් මිළ ඉහළ නැංවීම බේකරි හිමියන්ට ඉතා අහිතකර ලෙස බලපාන බව ය.
කෙසේ වෙතත් බේකරි නිෂ්පාදන ඉහළ නැංවීම කෙරෙහි මෙතෙක් අවධානය යොමු වී නොමැති බව ඔහු සඳහන් කළේය.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල රුපියල් 245 කන් ඉහළ නැංවීම සඳහා ගෑස් සමාගම්වලට අවසර හිමිවිය.
ඒ, අනුව කිලෝග්‍රෑම් 12. 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1676 ක් දක්වා ඉහළ යනු ඇති.
No comments: