ජගත් වෙසක් දින සැමරුම තායිලන්තයේදී සිදු කරයි




ජගත් වෙසක්‌ සැමරුම තායිලන්ත අයුත්‍යා නුවර මහාචුලාලංකෝන් ජනරජ විශ්වවිද්‍යාලයේ දී පසුගිය 25 දා ආරම්භ විය15වැනි වරට පැවැත්වෙන එහි මෙවර තෙමාව වූයේ ‘‘මානව සංවර්ධනය සඳහා බුදුදහම‘‘ යන්නයි. 

තායිලන්ත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් අසූවක්‌ පමණ නියෝජනය කරමින් නියෝජිතයෝ තුන්දහසකට අධික පිරිසක්‌ එක්‌ ව සිටියහ. එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු දූත පිරිසක් සහභාගී වී සිටි අතර, අස්‌ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන, රාමඤ්ඤ මහානිකායේ මහානායක නාපානේ ප්‍රෙමසිරි, මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි යන මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද එක් ව සිටියහ. 

මෙහිදී මානව සංවර්ධනය උදෙසා බුදුදහම යන තේමාව ඔස්‌සේ බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් විශේෂ දේශනයක් ද පැවැත්වීය.





Share on Google Plus