පොහොට්ටුවේ ජනපති අපේක්ෂකා චමල් රාජපක්ෂ වෙයි ?




හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස තරග කලහොත් ජය ගැනීම අසීරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුගිය රජයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කලේ මිලිටරි ක්‍රමයකට අනුව බවද මන්ත්‍රීවරයා සදහන් කරයි. මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය. ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස චමල් රාජපෂක්‍ මහතා සුදුසු යයි තමන් කල්පනා කරන බවද ඔහු පෙන්වා දෙයි.
තමන් චමල් රාජපක්‍ෂ මහතා සම්බන්දයෙන් කල්පනා කරන්නේ රාජපක්‍ෂ පවුලේ අයෙතු ලෙස නොවන ලෙස යයිද කී ඔහු චමල් රාජපක්‍ෂ මහතා මධ්‍යස්ථ පුද්ගලයෙක් යයිද කීවේය.

මීලග පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක කවුරුන්ද යන්න සම්බන්දව රාජපක්ෂ පවුල අභ්‍යන්තරයේද සංවාදයක් ඇතිව තිබෙනා බවට රාවයක් යන මේ මොහොතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා අන් රාජපක්ෂවරුන්ට වඩා ඉදිරියෙන් ජනපති සටන ආරම්බ කර ඇති බවටද දුරුශ්‍යමාන මාන වෙයි. නමුත් පොහොට්ටුව පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාය.
Share on Google Plus