LTTE හිටපු සාමාජික සිවලිංගම් රාමචන්ද්‍රම් හෙවත් දේවා සමුගනියි

2018.05.22 දින උදයන් පුවත් සිරස්තල
01. එල්ටිටිඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන මන්නාරම් ප‍්‍රදේශයේ පදිංචි සිවලිංගම් රාමචන්ද්‍රම් හෙවත් දේවා නැමති පුද්ගලයෙකු  ඊයේ දින මියගොස් ඇති බව සදහන්.

02. පසුගිය මැයි 18 වන දින උතුරු පළාත් සභාව විසින් පළාත් ධජය සහ පාසල් ධජය අඩකුඹු කිරිම පිළිබදව වහා පරික්‍ෂණ පවත්වන බව නිතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ දින මාධ්‍යට පවසා ඇති බව සදහන්
03. යුධ හමුදාව විසින් මලු තිව්විශ්වමඩු  ප‍්‍රදේශයේ යුධ හමුදා ගොවිපොලක විදුලි රැහැන් ඇදීම හේතුවෙන්  විදුලි සැර වැදිමෙන් වන අලියෙකු මියගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් යුධ හමුදා කපිතාන් වරයෙකු අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්කර ඇති බව සදහන්.
04. උතුරු පළාත් සභාව විසින් පසුගිය 18 වන දින පවත්වන ලැබු මුල්ලිවෛක්කාල් සැමරුම් උත්සවය පිළිබදවත්, ඒ සබැදිව අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කරනු ලැබු ප‍්‍රකාශයට විරෝධතාවය පළකරමින් අද දින පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් විවාදයක් පැවැත්වීමට නියමිත බව සදහන්.(වාලම්පුරි පුවත් සිරස්තල)  
05.  මේ දිනවල රටතුල පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 22777 ක් අපදාවට ලක්ව ඇති බව සදහන්.
06. පසුගිය 8 වන දින යාපනය නිර්වේලී ප‍්‍රදේශයේ කෝවිලක් තුල සිදුකල කඩු ප‍්‍රහාරයක් සම්බන්ධව පුද්ගලයෙකු ඊයේ දින සවස එම ප‍්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන ඇති බව  සදහන්.
07. යාපනය නගරසභාව සංවර්ධනය සදහා පනෛයි ප‍්‍රදේශයේ ඇති සිර කදවුර පිහිටි භූමිය අවශ්‍ය බැවින් එම සිර කදවුර කෝපායි ප‍්‍රදේශයේ පිහිටි යුධ හමදා කදවුර අයත් භූමියට මාරුකල යුතු බව යාපනය මහ නගර සභා මන්ත‍්‍රි කේ සිවාජලිංගම් විසින් ඊයේ දින පවසා ඇති බව සදහන්.
08. මණ්ඩතිව් ප‍්‍රදේශයේ නාවික හමුදාව සතුව ඇති ඉඩම් ලබාගැනීම සදහා අප ජනතාව විසින් අරගල කල යුතු බව උතුරු පළාත් සභා මන්ත‍්‍රි වින්දන් කනගරත්නම් විසින්  පවසා ඇති බව සදහන්.
09. මුල්ලිවෙෙක්කාල් ජන සංහාරය සිහිපත් කරමින් ඊයේ දින පේදුරුතුඩුුව ප‍්‍රාදේශිය සභාව විසින්  සැමරුම් උත්සවයක් පවත්වා ඇති බව සදහන්.
10. යුද්ධයේදී මියගිය යුධ හමදුා සෙබළුන් සිහිකර පහන් පූජාවක් කැළණිය රජමහා විහාරයේදී පෙරේදා දින රාත‍්‍රි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර, එහිදි පහන් 29142 ක් දල්වා ඇති බව සදහන්. 
2018.05.22 දින තිනකුරල් පුවත් සිරස්තල
01. උතුරු පළාත් මහ ඇමතිවරයා විසින් සංවිධානය කරන ලද මුල්ලිවෛක්කාල් සැමරුම් උත්සවය සබැදිව ඔහුව අත්අඩංගුවට ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන ඊයේ දින මාධ්‍යට පවසා ඇති බව සදහන්.
2018.05.22 දින කාලෙෙකදීර් පුවත් සිරස්තල
01. 2009 වසර වන විට පසුගිය රජය විසින් තම පියා ඇතුලු සිවිල් ජනතාව සමහු ඝාතණයකට ලක් කල බව රාජ්‍ය ඇමතිණි විජයකළා මහේෂ්වරන් විසින් ඊයේ දින කිළිනොච්චියේ පැවති උත්සවයකදී පවසා ඇති බව සදහන්.
  
02. මලු්ලිවෛක්කාල් සැමරුම් උළෙල  පැවති මැයි මස 18 වන දින උතුරු පළාත් සභා කොඩිය අඩකුඹු කිරිම අපගේ තීරණයක් බවත්, අපට අවශ්‍ය දේ අප විසින් කරන බවත්,  එම තිරණ වලට විරුද්ධ වීමට දකුණේ ඇමතිවරුන් හට කිසිදු අයිතියක් නොමැති බව උතුරු පළාත්සභා මන්ත‍්‍රි  එම්. කේ සිවාජලිංගම් විසින් ඊයේ දින යාපනයේදී මාධ්‍ය හමුවක් කැදවා පවසා ඇති බව සදහන්
03. මලු්ලිවෛක්කාල් සැමරුම් උළෙල  පැවති මැයි මස 18 වන දින උතුරු පළාත් සභා කොඩිය අඩකුඹු කිරිම අපගේ තීරණයක් බවත්, අපට අවශ්‍ය දේ අප විසින් කරන බවත්,  එම තිරණ වලට විරුද්ධ වීමට දකුණේ ඇමතිවරුන් හට නිසිදු අයිතියක් නොමැති බව උතුරු පළාත්සභා මන්ත‍්‍රි  එම්.කේ සිවාජලිංගම් විසින් ඊයේ දින යාපනයේදී මාධ්‍ය හමුවක් කැදවා පවසා ඇති බව සදහන්
Share on Google Plus