2020 ජනාධිපතිවරණය - සංගා සහ UNP මෙහෙයුම

2020 ජනාධිපතිවරණය සඳහා, හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගකාරව පත් කිරීමට එජාපයේම පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
කුමාර් සංගකාර මිට පෙර රාජපක්ෂ රෙජිමය සමයේ 2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සදහා තරග කිරිමටද උත්සහ කල අතර එවකට පැවැති තත්ත්වයට අනුව අවසන් මොහොතේ එය අතහැර දැමිමටද සිදු විය.
ඒ අනුව 2020 වසරයේදී පැවැත් වීමයට නියමිත කර ඇති ජනාධිපති මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂයන් ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීකට් නායක කුමාර් සංගකාරව පත් කිරීමට එම කණ්ඩායම මේ වනවිට කටයුතු කරමින් සිටින අතර සංගාද ඒ සදහා කැමත්ත පලකර තිබේ.
මේ වනවිට සංගක්කාර ද ජාත්‍යන්තර සහය ලබා ගැනිම සදහා අවශ්‍ය සාකච්ඡා වල නිරතව සිටින බවත් ඒ අනුව පහසුවෙන්ම එජාපය ප්‍රමුඛව සෑදෙන සන්ධානයක් හරහා සංගාට අවස්ථාව හිමිවන බවයි සංගා අපේක්ෂකයෙකු කිරිමේ මෙහෙයුමෙ නියත එජාප පසුපෙල තරුණ මන්ත්‍රීවරයෙකු අනාවරණය කර ඇත්තේ.
2020 වසරයේදී පැවැත්වන මැතිවරණයේදී මහින්ද පිළ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ තරග කරණ බව මේ වනවිට තහවුරු වි ඇති බවත් එයට මුහුණ දිමට නවක මෙන්ම උගත්,බුද්ධිමත්,සියලුම් ජාතින්ගෙ විශ්වාසය දිනාගත හැකි කෙනෙකු අවශ්‍ය බවත් ඒ සදහා හොදම සුදුසුකම් ඇත්තේ සංගාට බව ද ඔහු සදහන් කර තිබේ.
කෙසේ වෙතත් පසුපෙළ බහුතරයක් සජිත් ප්‍රේමදාස, ජනාධිපති අපේක්ෂයෙන් ලෙස පත් කිරීමට තීරණ කර ඇති නිසා සටන උග්‍ර වනු ඇති බවත් ඒ අනුව සංගා සම්බන්ධයෙන් යොජනාවක් එජාප නායකත්වයට ඉදිරිපත් කිරිමට එම කණ්ඩායම කටයුතු කරන බවද අදාළ පසුපෙල තරුණ මන්ත්‍රීවරයා අනාවරණය කර තිබේ.

කුමාර් සංගකාර මිට පෙර රාජපක්ෂ රෙජිමය සමයේ 2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සදහා තරග කිරිමටද උත්සහ කල අතර එවකට පැවැති තත්ත්වයට අනුව අවසන් මොහොතේ එය අතහැර දැමිමටද සිදු විය.

Share on Google Plus