නි - අැමති තෙවරප්පෙරුමගේ තවත් ගොන් පාට් 01ක්

ගලේවෙල රෝහල , ආපදා කළමනාකරණ ඒකකය හා පොලිසිය එක්ව අද (25දා) මාර්ගයේ හදිසි අනතුරක් සිදු වීමෙන් පසු රෝහල, ප්‍රදේශවාසීන් සහ පොලිසිය ක්‍රියාකරන්නේ කරන්නේ කෙසේද ?
යන්න පිළිබඳ පෙරපුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර වෙනත් ගමනක් යමින් සිටි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මෙය දැක පහුණු වීමක් බව නොදැන තමන්ගේ මාධ්‍යය කණ්ඩායම සමඟ එක්ව එම ස්ථානයට ගොස් රෝගීන් රෝහල්ගත කර තිබේ.
පසුව එය පෙර පුහුණුවීමක් බව පුද්ගලයෙකු විසින් පවසා ඇති අතර ඒ අවස්ථාවේ දී තෙවරප්පෙරුම මහතා සිය කණ්ඩායමත් සමග එම ස්ථානයෙන් ඉවත්ව ගලේවෙල ප්‍රදේශීය රෝහලට ගොස් වෛද්‍යවරුන්ට, සේවක සේවිකාවන්ට හා පොලීසියට බැණ තර්ජනය කරමින් වහාම මෙම පෙර පුහුණුව නවතා දමන ලෙස පවසා ඇත.
පාලිත තෙවරප්පෙරුම එහි අශෝභන ආකාරයට හැසිර තිබෙන බව එහි සිටි පිරිස පැවසීය.
මේ පිළිබඳව ගලේවෙල ප්‍රදේශීය ලේකම් එම්, යූ . නිසාන්තගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ අමාත්‍යවරයා ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම පෙරහුරු වැඩපිළිවෙළට ඇරැඹී අවසානයේදී කිසිදු සොයා බැලීමකින් තොරව එම වැඩපිළිවෙළ අසාර්ථක කිරීම සිදු කළ බවයි.
විමසා බැලීමෙන් තොරව වැනී වැනී පිස්සු කෙලිමින්, මහ ජනතාවට විහිළු සපයමින් ජීවත්වන අප රටේ අමාත්‍යයවරු.
Powered by Blogger.