වෙබ්අඩවිය වාරණයකට ජනපති සුදානම්



ජනතාවට විස පතුරුවන අසත්‍ය වැරදි දේ පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි  තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරීම සදහා පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර ඇත.

මේ අතර රට තුළ මතු වී පවතින පතාල කණ්ඩයම්  මැඩපැවැත්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොලිස්පතිට උපදෙස් දුන් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මෙරට වෙබ් අඩවි තහනම් කිරීම කලින් පැවති රජයේ කාලයේ පටම්ම පැවති අතර වත්මන් රජය පත්වීමෙන් අනතුරුවද සැලකිය යුතු වෙබ්අඩවිය පමාණයක් වාරණයට ලක්විය. එමෙන්ම මෙරටට ෆේස්බුක් දින කිහිපයකට හෝ අවහිර කල එකම රජය වත්මන් රජය ලෙසද ඉතිහාස ගත වෙයි 
Powered by Blogger.