භූමිතෙල් වැල්ලේ හරියටම බෙදන ක්‍රමය දිලිප් පහදලා

 ඉන්ධන මිළ ඉහල යාම හමුවේ ධිවර ජනතාව පත්ව සිටින ගැටළුවට තිරසාර විසදුම් ලෙස  රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි විසින් එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට  අද [ 31 ]ඉදිරිපත් කල යෝජනාවලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු සියළු දෙනාගෙන් ඉහල පිළිගැනීමක් ලැබුණි .


එහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය  හමුවේ භූමිතෙල් මිළ ඉහල යාමත් සමග ධිවර ජනතාව පත්ව සිටින ගැටළු මෙන්ම කර්මාතයක් ලෙස ධිවර කර්මාන්තයට මුහුණ දීමට සිදුව ඇති  අභියෝග පිලිබදවත් දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබේ. මේ යටතේ දිවයිනේ සියළු ධිවර තොටුපල හා ධිවර වරායන් ආවරණය වන පරිදි සුදුසු ස්ථානවල කුඩා ධිවර යාත්‍රා  වෙනුවෙන්ම භූමිතෙල් නිකුත් කිරීමට පිරවුම් හල් ඉදිකිරීමට අදාළ යෝජනාව මගින් ඉදිරිපත්ව තිබේ. .
 
 
 
          ඊට අමතරව ධිවරයින් සදහාම පිහිටුවන ඒ සෑම පිරවුම්හලකින්ම සහන  මිලට ධිවර බෝට්ටු සදහා පමණක් භූමිතෙල් නිකුත් කිරීම නිසි ලෙස විධිමත්ව ක්‍රියාත්මක කිරීම ධිවර දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ සිදුකිරීමටත් බෝට්ටු වෙනුවෙන් ලබාදෙන භූමිතෙල් බාහිර පුද්ගලයින් භාවිත කරන්නේනම් ඒවා වැලැක්වීම  වෙනුවෙන් නීති ක්‍රියාත්මක කිරීම සහ එම නීති කිසිදු තරාතිරමකින් තොරව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම පිළිබදවද කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ලංකාවේ සෙසු ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සිදුවන්නේ යැයි පැවසෙන  භූමිතෙල් අවභාවිතය වැලැක්වීම සදහා ගතයුතු ක්‍රමවත් වැඩපිළිවෙලක් ද යෝජනා කර තිබේ.

       
ඉදිරිපත්කල මෙම වැඩපිළිවෙල පිලිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීර , සජිත් ප්‍රේමදාස , කාවින්ද ජයවර්ධන , අචාර්ය හර්ෂ ද සිලවා , එරාන් වික්‍රමරත්න , අජිත් පි. පෙරේරා ඇතුළු මැති ඇමතිවරුන්ද ඉතාමත් ප්‍රසංශනීය සහ කාලින යෝජනාවලියක් ලෙසත් , මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේ වැදගත් කම පිලිබදවත් අදහස් පළ කර තිබේ. 


.



Share on Google Plus