හෙලිකොප්ටරය දුන් කෙනා මහින්ද හෙළි කරයි (Video)

2015 වසරේදී පැවති ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත් වෙද්දී හම්බන්තොට යාම සදහා හෙලිකොප්ටරයක් ගෙන්වා ගත්තේ තමන් විසින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
එම සිදුවීම සිදුවෙද්දී මෙරට ජනාධිපතිවරයා තමන් වූ බවත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් දෙන තෙක් තමන් නිල වශයෙන් ජනාධිපතිවරයා බවත් ඒ මහතා කියා සිටී.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්දයෙන් අදහස් පල කරමින් රාජපක්‍ෂ මහතා එසේ කියා සිටියේය.


මේ ආකාරයේ අස්ථාවර තත්වයකින් රටක් පාලනය කල නොහැකි බවත් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයෙන් එය ඉතා පැහැදිලි වූ බවත් කී රාජපක්‍ෂ මහතා දැන් කල යුත්තේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවා ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති කිරීම යයිද වැඩි දුරටත් පැවසීය.



Share on Google Plus