අදිසි හස්තයක අවශ්‍යතාවයකට ඉලන්චේලියන්ට ස්ථාන මාරුවක්

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් එළැඹෙන 28 වැනිදා සිට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු ලෙස ස්ථාන මාරුවීමක් ලබා යාමට නියමිත බැවින් ඉලන්චේලියන් වෙත ගෞරවය පිරිනැමීමේ වැඩසටහනක් යාපනය මහාධිකරණයේදී පැවැත්විණ.
ඉලන්චේලියන් මහතා පසුගිය 2015 ජුනි මස 01 වැනිදා සිට යාපනය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරනු ලැබීය.
ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළ අවධියේ සිදුකළ සේවාව අගයමින් යාපනය අධිකරණ සංකීර්ණයේ විනිසුරුවරුන් හා නීතිඥවරුන් ඉලන්චේලියන් වෙත උපහාර දැක්වීම එහිදි සිදුකළහ.
ඉලන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරනු ලැබු අවධියේ සමූහ දූෂණයට ලක්ව ඝාතනය වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ චුදිතයින් වෙත දඩුවම් ලබාදීම, යාපනය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම වෙනුවෙන් තීන්දු තීරණ දීම, යාපනය ප්‍රදේශයේ  බිලි පූජා පැවැත්වු කෝවිල් තුළ බිලි පූජා නැවැත්වීමට නියෝග ලබාදීම වැනි තීන්දු තීරණ රැසක් ගනු ලැබීය.
විනිසුරු ඉලන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු ලෙස සේවය කරන අවස්ථාවේ පසුගිය වර්ෂයේ යාපනය නල්ලූර් කෝවිල අසළදී විනිසුරුවරයා ‍ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වු අතර, එහිදි විනිසුරුවරයාගේ ආරක්ෂක නිළධාරි පොලිස් සැරයන්වරයා ජිවිතක්ෂයට පත්විණ.
විනිසුරු ඉල්න්චේලියන්ගේ සේවාව අගයමින් සමරු තිළිණ ප්‍රදානය කිරීම වැඩසටහනේදී සිදුවිණ.
වැඩසටහනට යාපනය ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරන්, යාපනය නීතිඥවරුන්, යාපනය මහාධිකරණ නිළධාරීන් සියළුදෙනා එක්ව සිටියහ.
Powered by Blogger.