මෙරට වෙබ් අඩවිවලට එල්ල වන සයිබර් ප්‍රහාර ඉහළට

Add caption
මෙරට අන්තර්ජාල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ල වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරැ තාක්ෂණික ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ, වසරේ ගත වූ කාලය තුළ සයිබර් ප්‍රහාර 05 ක් එල්ල වී ඇති බව ය.
මේ අතර සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වි තිබේ.
දෙමළ ඊළාම් සයිබර් බලකාය නමින් හැදින්වෙන කණ්ඩායමක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.
සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ සයිබර් ප්‍රහාරය එල්ල වී ඉතා කෙටි කාලයක් තුළ යළි වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ දී එහි ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
Powered by Blogger.