මහජන කොංග්‍රසයේ අර්බුදයක් - M.H. M නවාවි ඉල්ලා අස්වේ

එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී එම් එච් එම් නවාවි අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. 
ඇමැති රිෂාඩ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයකු වන නවාවි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂයක් ලෙස ලැබුණු මන්ත්‍රී කෝටාව අනුවය. 
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නවාවි සදහන් කලේ අස්වීම ගැන කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවයි.
කෙසේ වෙතත්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස නවාවි ඉල්ලා අස්වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
Share on Google Plus