පාරිසරික අධ්‍යයනයකින් තොරවීම හෙවත් නායයාම් අවදානම

නායයාම් අවදානම වැඩීවීමට හේතුව නිසි පාරිසරික අධ්‍යයනයකින් තොරව දේශපාලන උවමනාවන් මත හා මූල්‍ය වාසි තකා සිදුකරනු ලබන ව්‍යාපෘතිය සහ ඉදිකිරීම් බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය එ් බව පෙන්වා දෙයි.
අදාළ නවේදනය පහත පරිදිය....
බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 66.9% ක් නායයාමේ අවදානමෙ තිබෙන බව 2015 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පර්යේෂණ වාර්තාවකින් එලිදරව් කරනු ලැබීය. 
නායයාම් අවදානම් බව වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු අතරට මිනිස් ක්‍රියාකාරකම් පළමුතැන ගනී. 
අප දිස්ත්‍රික්කයේ නායයාම් අවදානම උග්‍ර කිරීමට ඉවහල්වන ප්‍රධාන සාධකය රජයේ ක්‍රියාමාර්ග ලෙස නම් කිරීමට කැමැත්තෙමි.
නිසි පාරිසරික අධ්‍යයනයකින් තොරව දේශපාලන උවමනාවන් මත හා මූල්‍ය වාසි තකා සිදුකරනු ලබන උමාඔය ව්‍යාපෘතිය, මංමාවත් හා ගොඩනැගිලි ඉදිකිරීම් මීට උදාහරණ වේ.
අද වන විට එක දිගට දින 15 කට ආසන්න කාලයක් තුළ අධික වැසි ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට පතිතවන අතර මේ හේතුවෙන් පාෂාණ ස්ථර ලිහිල්වී සැලකිය යුතු ප්‍රදේශ කිහිපයක නායයාම් අවදානම තිවුරවී ඇත. 
නායයාමේ ප්‍රධාන ලක්ෂණ වන භූමියේ පිපුරුම්, නිවාසවල ඉරිතැලීම්, ගස් ගල් ඇලවීම්, පෙරලීම් තැනින් තැන දැකිය හැකිය. 
අද වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 100 කට ආසන්න ප්‍රමාණයක් පදිංචි ස්ථානවලින් ඉවත්කර ඇත.
මෙකී ගැටළුව නිරාකරණය සඳහා දිගුකාලීන, මැදිකාලීන, කෙටිකාලීන වශයෙන් පියවර ගතයුතුව තිබේ. 

මේ මොහොතේ  ජනතාවගේ ජීවිත හා දේපොල ආරක්ෂා කරනු පිණිස වහා විශේෂ සැලැස්මක් සහිතව මැදිහත් විය යුතු බව රජය වෙත අවධාරණය කරන අතර ඒ සඳහා අපගේද නොමද සහය ලබාදීමට සූදානම් බව වැඩිදුරටත් ප්‍රකාශ කරමි.
Share on Google Plus