ඇමති රාජිතගේ ප්‍රකාශය ගැන චතුර කියන කථාව

රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස තම පියා හොඳින්ම හඳුනන බව අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.
අද පෙරවරුවේ හංවැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
තම පියා තරම් එල්.ටී.ටී.ඊ තර්ජනවලට ලක්වූ තවත් කිසිඳු දේශපාලඥයෙකු දකුණේ නොමැති බව මන්ත්‍රීවරයා කළේය.
එසේම තම පියාට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවත් එයට හේතුවී වූයේ එල්.ටී.ටී.ඊ ඝාතන ලයිස්තුවේ තම පියාද සිටි නිසා බව චතුර සේනාරත්න පැවසීය.
තම පියා රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස හොදින්ම දන්වා බවත් මාධ්‍ය සහ ජනතාව එය පටලවාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න වැඩිදුරටත් පැවසීය.
Powered by Blogger.